25 C
Colombo
Monday, March 17, 2025

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයා හෙළිවේ

- Advertisement -

තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය රැගෙන පළාගිය යුවළ ඉන්දුනීසියාවට පැන ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඔවුන් දෙදෙනා මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

තලංගම, පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මාලයේ නාන තටාකය තුළ පුද්ගල මළසිරුරක් ඇති බවට තලංගම පොලීසියට ඊයේ (02) පස්වරුවේ තොරතුරක් ලැබී තිබුණි.

මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නම් 49 හැවිරිදි අයෙකි.

ඔහු මෙරට ප්‍රසිද්ධ, ශේඩ්ස් නිමි ඇඳුම් අලෙවිසැල් ජාලයේ හිමිකරු බව පොලීසිය පවසයි. ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඔහු ඇදගෙන විත් නාන තටාකයට දමා ඇතැයි සැකකරන බවද පොලීසිය ප්‍රකාශ කරනවා.

එම නිවස ඇතුළත කෙරුණු පරීක්ෂාවේදී එහි තිබී, රුධිරයට සමාන පැල්ලම් කිහිපයක්, භාවිත කරන ලද උපත් පාලන කොපුවක් සහ භාවිත නොකරන ලද උපත් පාලන කොපු දෙකක් ද පොලීසිය සොයා ගෙන තිබේ.

එහිදී සොයාගත් බිල්පතක සඳහන්ව තිබී ඇත්තේ උපත් පාලන කොපු කළුබෝවිල රෝහල අසල ඖෂධ සැලකින් මිලදී ගෙන ඇති බවයි.

ඒ අනුව විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය එම ඖෂධ සැලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබුණි. එහි සටහන්ව තිබී ඇත්තේ එම පුද්ගලයා පසුගිය 30වනදා පස්වරු 3.22ට පමණ උපත් පාලන කොපු මිලදී ගෙන ඇති බවයි.

එමෙන්ම ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමග එම නිවසට සුදු පැහැති මෙම මෝටර් රථයෙන් ගොස් ඇති බව ද පොලීසිය හෙළි කරගෙන තිබේ.

විමර්ශනවලදී පොලීසියට හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ මෝටර් රථය, ජංගම දුරකථනය හා ක්‍රෙඩ්ට් කාඩ් පත් කිහිපය ද අතුරුදන්වී ඇති බවයි.

ඒ අනුව මෝටර් රථය ගමන්ගත් මාර්ගයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලීසියට හෙළිවී ඇත්තේ, මෝටර් රථයෙන් යළි නිවසෙන් පිටවී ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි.

එම පුද්ගලයා මෝටර් රථයට තවත් කාන්තාවක් නංවාගෙන ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට එය ඇතුළු කර ඇති බවත් පොලීසිය පවසයි.

අධිවේගී මාර්ගයේ ජා-ඇළ 18 කණුව ප්‍රදේශයේදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වී නතරවී ඇති අතර අධිවේගී මාර්ගයේ අනතුරට පත් වාහන ඇදගෙන යාමට භාවිත කරන මෝටර් රථයකට ඇමතුමක් ලබාගත් රිය පැදවූ තැනැත්තා එම රථයක් එහි ගෙන්වා ගෙන ඇති බවත් හෙළි වී ඇත.

ඔහු එම ඇමතුම ලබාගෙන ඇත්තේ මියගිය ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයෙනි. පසුව එය ජා-ඇළින් පිටතට දමා, ඇදගෙන යාමට පැමිණි රථයේ පුද්ගලයෙකුගෙන් ගරාජයක දුරකථන අංකයක් ඉල්ලා එම අංකය අමතා, වාහන ඇදගෙන යාමට භාවිත කරන තවත් රථයක් ගෙන්වා ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව එහි පැමිණි පුද්ගලයා මීගමුව ශාන්ත ජෝසප් ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත එම මෝටර් රථය ඇදගෙන ගොස් ඇති බවත් රථයේ සිටි යුවළ ඔහු සමග ගමන් කර ඇති බවත් පොලීසිය සඳහන් කරනවා.

ඒ වනවිට වේලාව අලුයම 3 පමණ වූ බැවින් ගරාජය වසා දමා තිබීම නිසා ඔවුන් මෝටර් රථය ඒ අසල නවතා දමා තිබේ.

පසුව මෙම යුවළ මෝටර් රථය ඇදගෙන යාමට පැමිණි රථයේ රියදුරුට පවසා ඇත්තේ තමන් කටුනායක ගුවන්තොටුපොළ අසලට රැගෙන යන ලෙසයි.

ඒ අනුව ඔවුන් ඒ අසලින් බැස ඇති අතර එහිදී රුපියල් 15,000 ක මුදලක් එම රථයේ රියදුරුට ලබාදී තිබේ.

ඔවුන් මියගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩ්ටි කාඩ් පතෙන් භාණ්ඩ කිහිපයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගෙන ඇති බවත් පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...