27 C
Colombo
Sunday, May 19, 2024

අරගල සමයේ බ්‍රිතාන්‍ය කාන්තාවක් රටින් පිටුවහල් කිරීමට එරෙහි පෙත්සම විසිවෙයි

- Advertisement -

තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කිරීමට ආගමන හා විගමන පාලකවරයා ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන කෙලිග් ෆ්‍රේසර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කල ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ඇයට නියෝග කළා.

එස්. තුරයි රාජා, අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

මෙම පෙත්සම මීට පෙර සලකා බැලූ අවස්ථාවේදී එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා වලින් සඳහන් කර තිබුණේ මෙම පෙත්සම තුළින් කරුණු වසන් කිරීම මෙන්ම අධිකරණය නොමග යවන තොරතුරු පෙත්සම්කාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම ඇය විසින් අධිකරණය හමුවේ පිළිගත හැකි විධිමත් දිවුරුම් ප්‍රකාශ හා ලේඛන ඉදිරිපත් කර නොමැති බවත් එම මූලික විරෝධතා වලින් සඳහන් කර තිබුනා.

මෙම නඩුකරයට පාදක වන කරුණ විධායක සහ පරිපාලන ක්‍රියාවකට අදාළ නොවන බවත් අධිකරණය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සිය මූලික විරෝධතාවලින් සඳහන් කර තිබුණා.

ඒ අනුව අදාළ පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති හෙයින් මුල් අවස්ථාවේදීම එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා

එම කරුණු දීර්ඝ ලෙස අධ්‍යයනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා අධිකරණය විසින් පිළිගන්නා බවයි.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් එය රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුවෙන් සඳහන් කර සිටියා

එම නඩු ගාස්තු කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසත් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන්ට ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව රැඳී සිටීම සඳහා ආගමන සහ විගමන පාලකවරයා විසින් නේවාසික වීසා නිකුත් කර තිබූ බවයි.

එසේ තිබියදී තමා පසුගිය අරගල සමයේ අරගලය වලට සහභාගී වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවීමෙන් පසුව කිසිදු හේතුවක් නොදන්වා ඉකුත් වසරේ අගෝස්තු මස 10 වනදා ආගමන හා විගමන පාලකවරයා විසින් සිය විසා අවලංගු කළ බවත් පෙත්සම්කාරිය පෙන්වා දෙනවා.

ඉන් පසුව අගෝස්තු මස 15 වැනිදාට පෙර රටින් පිටවන ලෙසට ආගමන හා විගමන පාලකවරයා විසින් උපදෙස් නිකුත් කෙරුණු බවත් ඇය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දියක් වගඋත්තරකරුවන්ගේ අයකර ගැනීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...