28 C
Colombo
Saturday, May 18, 2024

ටිරාන්ගේ පුතාගේ දඩය ගෙවන්න පොලීසියම තැපැල් කන්තෝරුවට ගිහින්

- Advertisement -

ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා පසුගිය සෙනසුරාදා (02) මහනුවර බලා ගමන් කරන අතර තුර ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සහ කිරීම හේතුවෙන් රථවාහන පොලීසිය ඔහුගේ රථය නවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා තමාගේ වරද පිළිගෙන දඩ කොලයක් ලබාගැනීමට කැමැත්ත පලකර ඇති අතර එය ගෙවීමට ඇති ආසන්නතම තැපැල් කන්තෝරුව පිළිබදව තොරතුරු පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් විමසා තිබෙනවා.

දඩ කොලය ලියා අවසන් වූ පසුව තමන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ පුත්‍රයා බවද ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනාට පවසා ඇති අතර ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනා කලබලයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබදව දඩය ලියන්නට පෙර නොපැවසුවේ මන්දැයි විමසූ පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ දඩකොළය සහ රුපියල් 1100 ක මුදල ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාගෙන් ඉල්ලා ගෙන තැපැල් කන්තෝරුවට ගොස් දඩය ගෙවා දමා යළි රියදුරු බලපත්‍රය ඔහුට ලබාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...