27 C
Colombo
Sunday, May 19, 2024

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත් වෙයි

- Advertisement -

යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් 2015 වසරේ දී පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ පංච ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඊයේ (06) ඉවත්ව තිබෙනවා.

මෙම අභියාචනා ඊයේ එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ඒ. එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබුණා.

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා මහතා සඳහන් කළේ, තමා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සමයේ මෙම නඩුවේ කටයුතු අධීක්ෂණය කර තිබෙන හෙයින් තමා මෙම අභියාචනා විභාගයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

ඉන් අනතුරුව අදාළ අභියාචනා ජූලි මස 30 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙහිදී අභියාචක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන නිසියාකාරව නොලැබීම නිසා මෙම නඩුවේ විභාගය වසර 06ක් පමණ ප්‍රමාද වී තිබෙන බව සඳහන් කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ, පරිවර්තකයෙන්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතුවලද ප්‍රමාදයක් සිදුවී ඇති බවයි.

එම අවස්ථාවේදීත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් දැනට සිදු කර තිබෙන පරිවර්තන අතරින් දෝෂ සහිත කොටස් නිවැරදි කිරීමේ කටයුතු කරමින් තිබෙන බවත් සඳහන් කර සිටියා.

ඒ අනුව පරිවර්තන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම් ජූලි මස 30 වනදා කැඳවන ලෙසද නියෝග කළා.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝග නාදන් විද්‍යා දැරිය පැහැර ගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

තමන්ට එරෙහිව යාපනය මහාධිකරණය විසින් දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරුවන් විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...