කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙසේ පලාගොස් ඇත්තේ වද්දුව, දෙල්දුව, දෑවිරුගම ප්‍රදේශයේ පදිංචි රැදවියෙක්.
රැදවියා හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 2300 ක් සන්තකයේ තබාගෙන සිටියදී දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අප්‍රේල් 29 දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට ඇති බව පැවසෙනවා.
මෙම රැඳවියා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තවත් රැදවියෙකුගේ පහරදීමකට ලක්ව පසුගිය 06දා රෝහල් ගතකර තිබෙනවා.
එහිදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, වැසිකිලියට යන බව පවසා එහි ජනේලයෙන් පැනගොස් ඇති බවට වාර්තා වනවා.
එහිදී පලාගිය රැඳවියා සොයා බන්ධනාගාර නිලධාරීන් සහ රෝහල් ආරක්ෂක අංශ මෙහෙයුම් සිදුකරන බව සඳහන් වනවා.