ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
මෙම කමිටුව ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වාර්තාව සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත් කිරීමට අදාළ යෝජනාව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (24) පැවැති කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.