27 C
Colombo
Sunday, May 19, 2024

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

- Advertisement -

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකුවේදී අද (07) පැවැති මාධ්‍ය හමුවේදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදි ලාබ පාඩු ලැබිය හැකි බවත් වැදගත් වන්නේ ලාබ ලැබුවාද පාඩු ලැබුවාද යන්න නොව ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූවා ද යන්න බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවා.

මහ බැංකුව පාඩු ලැබූ වර්ෂ මෙන්ම ලාබ ලැබූ වර්ෂද තිබූ බවත් පසුගිය වසරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දිනකදී රුපියල් බිලියන 600 ක පමණ පාඩුවක් මහ බැංකුවට සිදුවූ නමුත් ඉන් ජනතාවට යහපතක් වූ බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

මහ බැංකුව පාඩු ලබන අසාර්ථක ආයතනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධව අදහස් දක්වමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පවසා සිටියා.

මේ වනවිට රජය සහ බැංකු ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන් රටේ යම් කිසි ආකාරයක සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන බවත් කෙටිකාලීනව ළඟා කරගත් එම ස්ථාවරත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යා යුතු බවත් මහබැංකු අධිපතිවරයා පැවැසුවා.

කුමන රජයක් පැමිණියද මෙම ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යා යුතු බවත් එසේ නොවූහොත් නැවැත ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් මතුවනු ඇති බවත් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...