28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩවර්ජනය අද වයඹ පළාතේ

- Advertisement -

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අද උදෑසන 8 සිට 12 දක්වා වයඹ පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩවර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළා.

නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව අනෙකුත් කණ්ඩායම් සඳහා ලබා දිය යුතු දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේකය නිකුත් කර නොමැති වීමත් විශේෂිත දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේකය නිකුත් කිරීමේදී කණ්ඩායම් 15ක් මගහැර චක්‍රලේකය නිකුත් කිරීමත් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් මෙම වර්ජනය ආරම්භ කළේ, පසුගිය බ්‍රහස්පතින්දා උතුරු මැද පළාතෙන්.

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...