විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයත් ලැප්ටොප් පරිගණකයක් සහ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් සොරකම් කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසා තිබෙනවා.
සොරකම සිදු වූ ගොඩනැගිල්ලේ ඉහළ මහලේ නාන කාමරයේ ජනේලයක් බිඳ සොරා ඇතුළු වන්නට ඇති බව පොලීසිය පවසනවා.
මෙම ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශයේ ආරක්ෂක කැමරාව ක්‍රියාත්මක වී නැති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා අතුරු මාර්ගයක ඇති කුඩා ගේට්ටුවකින් ඇතුළු වී ඇති අතර, අතුරු මාර්ගයේ ආරක්ෂක කැමරාවක සැකකටයුතු පුද්ගලයෙකු සටහන් වී ඇති බව සඳහන් වනවා.