30 C
Colombo
Friday, July 19, 2024

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු පහළට

- Advertisement -

බස්නාහිර පළාත තුළ  ධාවනය කරන කුලී ත්‍රී රෝද රථවල දැනට දෙවන කිලෝ මීටරයට අයකරන ගාස්තුව රුපියල් දහයකින් අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එම අධිකාරිය පවසන්නේ ලබන 15 වැනිදා සිට මෙම ගාස්තු අඩු කිරීම සිදු කරන බවයි.

ඒ අනුව, පළමු කිලෝමීටරයට අයකරන රුපියල් සීයයේ ගාස්තුවෙහි වෙනසක් නොවන අතර   දෙවෙනි කිලෝමීටරේ සිට මෙම මිල අඩු කෙරෙන බව එම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා සඳහන් කළා.

ඒ අනුව දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතයි.

මීට පෙර ඒ සඳහා අය කෙරුණු මුදල රුපියල් 100ක්.

එමෙන්ම, අන්තර් වාර මිලක් ලෙස හඳුන්වා දෙන මෙම නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මගින් තීරණය කරනු  ඇති බවද ඔහු පවසා තිබෙනවා.

තවද, නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් 0760450860 යන දුරකථන අංකයට හෝ වට්ස් ඇප් මඟින් දැනුම් දෙන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ත්‍රී රෝද රථ  පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කතරගම – මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19) සහ හෙට (20) දහවල් 12 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන්...

මත්පැන්හල් නිසා හෝමාගම අභිමානය නැතිවෙලා-වජිර බුද්ධි නාහිමියන්

මත්පැන්හල් සහ මස්කඩ නැතිව හෝමාගම නගරය මේ දක්වා අභිමානයෙන් පැවැති නමුත් මත්පැන් අලෙවිහලක් ආරම්භ කිරීමත් සමඟ එම අභිමානය අහිමි වී ගොස් තිබෙන බව හෝමාගම...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ  ඔහිය දුම්රිය ස්ථාන...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...