27 C
Colombo
Sunday, May 19, 2024

ඇසළ පෙරහැරේ විදුලි ඇස්තමේන්තුව ගැන සාකච්ඡාවක් හෙට

- Advertisement -

ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තු මුදල පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේ දළදා මාලිගාව, සතර දේවාල මෙන්ම නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දළදා මාලිගා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ අතර 2022 වසරේ ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා රුපියල් ලක්ෂ 90ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බවද වාර්තා වනවා.

මෙම වසරේ දී එය රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූ නවදහසක් දක්වා වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

හෙට (18) පැවැත්වෙන සාකච්ඡාවේ දී යම් ගාස්තු සහනයක් ලබා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව සඳහන්.

අගෝස්තු 21 සිට 31 වන දින දක්වා පෙරහැර විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව මඟින් ගෙවිය යුතුව ඇති මුදල රුපියල් 34,12,479 ක් ද නාථ දේවාලය මගින් රුපියල් 11,22,145 ක් ද විෂ්ණු දේවාලය මගින් රුපියල් 13,68,385 ක් ද කතරගම දේවාලය මගින් 11,02,705 ක් ද පත්තිනි දේවාලය මගින් 11,02,705 ක් ගෙවිය යුතු බවද විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති බව සඳහන්.

තවද මහනුවර නගරය තුල පෙරහැර ගමන් ගන්නා සියළුම විථි අලෝකරණය සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් 44,41,273 ක්ද ජනක යන්ත්‍රය සඳහා වැයවෙන මුදල රුපියල් 7,49,215 ක මුදලක් වැය වනු ඇති බව එම මණ්ඩලය සකස් කර ඇති ඇස්තමේන්තුව දැක්වෙනවා.

මේ අනුව පෙරහැර වෙනුවෙන් රුපියල් 1,32,99,010 මුළු වියදමක් විදුලිබල මණ්ඩලය විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් වැය කරන බව දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...