31 C
Colombo
Saturday, July 27, 2024

2023 දී ලෝකයම Google වලින් සෙවූ පුවත් මෙන්න

- Advertisement -

2023 වසරේදී ලොව පුරා වෙසෙන පුද්ගලයින් Google වෙතින් වඩාත්ම සොයන ලද පුවත් මොනවාද යන්න එම සමාගම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Google සමාගම පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය හා ගාසා තීරය අතර යුද ගැටුම සම්බන්ධ පුවත් එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බවයි.

හමාස් යනු කුමක්ද, ඊශ්‍රායලයේ සිදුවන්නේ කුමක්ද, හමාස් ප්‍රහාරය එල්ල කළේ ඇයි යන ප්‍රශ්න එක්සත් ජනපදයේ පරිශීලකයින් බහුල වශයෙන් විමසා තිබූ අතර එම ප්‍රශ්න බොහෝමයක් ඇයි (why) හෝ කොහොමද (how) යනුවෙන් ආරම්භ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ටයිටැනික් නෞකාවේ සුන් බුන් ගවේෂණයට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සම්බන්ධ පුවතයි.

 එමෙන්ම, පසුගිය පෙබවරවාරියේ හටගත් පුද්ගලයින් 50,000ක් පමණ මිය යාමට හේතු වූ තුර්කියේ භූමි කම්පාව සම්බන්ධ පුවත මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයේ සටහන් වුණා.

මේ අතර, 2023 වසරේදී Google වෙතින් වඩාත්ම සොයන ලද චිත්‍රපට වශයෙන් Barbie සහ Oppenheimer ඉදිරියට පැමිණ ඇති අතර බොලිවුඩ් චිත්‍රපටයක් වන ජවාන්ද ඒ අතරට එක්ව තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් 'එක්ව ජයගමු' ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා. ඉෂාක් රහුමාන්...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...