28.9 C
Colombo
Tuesday, June 24, 2025

වනිඳුගෙන් දැඩි තීරණයක්

- Advertisement -

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, වනිඳු හසරංග ඉල්ලා අස්වීමෙන් හිස්වන විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයද මේ වන විට එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන කුසල් මෙන්ඩිස් හට ලබා දීමට නියමිත බව සඳහන්.

එළඹෙන, ජූලි මාසයේ දී ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා අදාළ වෙනස්කම සිදු කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ද  සිය තනතුරේ තවදුරටත් රැඳී නොසිටිනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එහි මූලික වටයෙන්ම ඉවත් වීමත් සමඟ ඔහුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොවනු ඇති බව සඳහන්.

එමෙන්ම අන්තර්ජාතික වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද  ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍රධාන වගකීම සනත් ජයසූරිය වෙත පැවැරෙනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

POPULAR ARTICLES

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු...