32 C
Colombo
Tuesday, February 18, 2025

බත් එකේ තිබූ ඌරු මස් කෑ රැඳවියන් දෙදෙනෙක් මරුට

- Advertisement -

ඌරු මස් සහිත ව්‍යංජනයක් ආහාරයට ගත් මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙනෙක් මියගොස් තිබෙනවා.

එමෙන්ම එම ආහාර ගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් රැඳවියෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

බොරැල්ල හා දෙහිවල යන ප්‍රදේශවල පදිංචිව සිටි මිය ගිය  පුද්ගලයින් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබුණා.

පසුගියදා  (06) මෙම එක් රැඳවියෙකුගේ නිවසේ සකස් කළ ඌරුමස් සහිත බත් පාර්සලයක් ඥාතීන් විසින් රැගෙනවිත් ඇති ඇතර එම බත් පාර්සලය රැඳවියන් 15 දෙනෙකු පමණ ආහාරයට ගෙන තිබෙනවා.

එහිදි ඇතිවු ආසාත්මිකතාවක් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර කර තිබුණා.

මෙහිදී රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන තවත් රැඳවියෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මියගිය පුද්ගලයින් දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (07) දිනයේ දී සිදුකර ඇති අතර එහිදි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව, ඔවුන් දෙදෙනාගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකරන ලෙස දැනුම් දී තිබුණා.

කෙසේවෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

POPULAR ARTICLES