25 C
Colombo
Monday, May 20, 2024

නවසීලන්තයේ T-20 සංචිතය ප්‍රකාශයේ වගකීම ළමුන් දෙදෙනෙකුට

- Advertisement -

ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් ජනපදය එක්ව සත්කාරකත්වය දරන එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කිරීමත් සමග නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝක අවධානයට ලක්වී තිබෙනවා.

ඒ නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැටිල්ඩා නම් ගැහැණු ළමයෙකු සහ ඇන්ගුස් නම් පිරිමි ළමයෙක් විස්සයි 20 ලෝක කුසලානයේ ලැයිස්තු ගත කර ඇති ක්‍රීඩකයින් නිවේදනය කිරීම නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ළමයින් විචිත්‍රවත් ලෙස ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශ කර අවසානයේ ඔවුන්ට සුබ පැතුම්ද එක් කර තිබුණා.

ඒ අනුව ලොවම බලා සිටින මෙවන් අවස්ථාවක වගකීම කුඩා ළමුන් දෙදෙනෙකුට පවරා තිබීම ඉතා සුවිශේෂී බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.

ඒ අනුව එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය නවසීලන්ත කණ්ඩායමට කේන් විලියම්සන් , ෆින් ඇලන්,ට්‍රෙන්ට් බෝල්ට්,මයිකල් බ්‍රේස්වෙල්,මාර්ක් චැප්මන්,ඩෙවොන් කොන්වේ,ලොකී ෆර්ගසන්,මැට් හෙන්රි,ඩැරල් මිචෙල්,ජිමී නීෂම්,ග්ලෙන් ෆිලිප්ස්,රචින් රවීන්ද්‍ර,මිචෙල් සැන්ට්නර්,ඉෂ් සෝදි,ටිම් සවුති සහ බෙන් සියර්ස් ඇතුළත්.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...