29.2 C
Colombo
Tuesday, May 13, 2025

මාරක අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

- Advertisement -

හලාවත – පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ සුඛෝපභෝගී බස් රථයක් අන්ත්‍රැක්ටරයක ගැටී අද (22) අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොසොන් සිරි නැරඹීම සඳහා ගිරිබාව සහ ඉහළ මගුරන්කඩවල ප්‍රදේශයේ පිරිසක් මෙම අන්ත්‍රැක්ටරයේ ගමන් කර තිබුණා.

එහිදී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයක් මෙම අන්ත්‍රැක්ටරයේ පිටුපස ගැටී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ 12 දෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර, ඉන් එක් අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය 50 හැවිරිදි කාන්තාව මගුරන් කඩවල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, මැදවච්චිය – තලෙයිමන්නාරම මාර්ගයේ 57 වන කිලෝමීටර කණුව ආසන්නයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරකින් 72 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට...

පාලුකඩවල වැවේ දියනෑමට ගිය දැරිවියන් දෙදෙනෙක් මරුට

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද...

වෙසක් දවසේ බයික්වලින් ඇවිත් පාරේ යකා නටලා – බයික් 36ක් පොලීසියේ

ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12)  වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස්...

POPULAR ARTICLES