25 C
Colombo
Monday, May 20, 2024

බතලේගොඩින් නව බාස්මතී වර්ග දෙකක්

- Advertisement -

බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් බාස්මතී සහල් සඳහාවන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා.

බව බතලගොඩ වී පර්යේෂණ ආයතනය පවසන්නේ, ඒ සඳහා සිදු කළ පර්යේෂණ ඉතාමත් සාර්ථක වී ඇති බවයි.

ඒ අනුව, තවත් මාස කිහිපයක් තුළ බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව එම ආයතනය පෙන්වා දෙනවා.

බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කර ඇති නමුත් බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදාගත හැකි සාර්ථක වී ප්‍රභේදයක් නිපදවීමට නොහැකි වී තිබුණා.

කෙසේවෙතත්, පසුව ආරම්භ කළ බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදා ගත හැකි වී ප්‍රභේද පිළිබඳ පර්යේෂණ ගණනාවක් අතරින් මෙම නව වී ප්‍රභේද දෙක ඉතාමත් සාර්ථක වී තිබෙනවා.

මේ වනවිට At 306, At 309 යන වී ප්‍රභේද දෙක බාස්මතී සහල් හා සමාන දිගටි වී ප්‍රභේද දෙකක් ලෙස හඳුන්වා දී ඇති අතර එම වී වර්ග ද ජනප්‍රිය ව පවතිනවා.

මේ වනවිට, මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන අතර සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහා අවශ්‍ය වන බාස්මතී ඉන්දියාව හා පකිස්ථානයෙන් ආනයනය කරනු ලබනවා.

ඒ සඳහා, වැය වන විදේශ විනිමය මෙරට ඉතිරි කර ගැනීමේ අරමුණින් බාස්මතී සහල් මෙරට දීම නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම බලධාරීන්ට උපදෙස් දී ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...