26 C
Colombo
Saturday, May 18, 2024

සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්

- Advertisement -

සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Wesley Madhevere සහ Brandon Mavuta හට මෙලෙස ක්‍රිකට් තහනමක් පනවා ඇති බවයි.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවකට අදාළව ඔවුන්ට එරෙහිව පැවති විනය පරීක්ෂණයකින් පසුව සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

23 හැවිරිදි වියේ පසුවන Wesley Madhevere සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 36කට සහ විස්සයි විස්ස තරග 60කට ක්‍රීඩා කර තිබෙන අතර 26 හැවිරිදි වියේ පසුවන Brandon Mavuta සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග හතරකට, එක්දින තරග 12කට සහ විස්සයි විස්ස තරග 10කට ක්‍රීඩා කර තිබෙනවා.

අවසන් වරට අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරඟාවලිය සඳහා නම්කර තිබූ සංචිතයටද ඔවුන් දෙදෙනා ඇතුළත්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...