25 C
Colombo
Monday, May 20, 2024

විජයදාස හදිසියේ කන්දකාඩු යයි

- Advertisement -

පොළොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු සොයාබැලීම සඳහා අද (28) අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැමිණ තිබුණා.

එහිදී ඔහු සඳහන් කළේ, රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවයි.

අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති පුද්ගලයින්ට හා ඔවුන්ගේ ඥාතීන්ට පුනරුත්ථාපන වැඩපිළිවෙළ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවයි.

ඒ නිසා ඔවුන් මෙම වැඩපිළිවෙළ සඳහා යොමු නොවන බවද පැවසුවා.

එහෙත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මතට ඇබ්බැහිවූවන්ගේ හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත පරිදි පොලීසි හා රෝහල් මාර්ගයෙන්ද පුනරුත්ථාපනය සඳහා යොමුවීමට අවශ්‍ය නීති සකස් කරන බවයි.

පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා වැඩි සංඛ්‍යාවක් මතට ඇබ්බැහිවුවන් යොමු කරවීම තුළින් බන්ධනාගාර තුළ පවතින තදබදය අඩු කරගත හැකි බවද අමාත්‍යවරයා පවසනවා.

මේ වනවිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන කිරීමේ මධ්‍යස්ථාන 03ක් කන්දකාඩු, සේනපුර හා වව්නියාව ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙනවා.

වයස අවුරුදු 18 ත් 20 ත් අතර පුද්ගලයින් වව්නියාව මධ්‍යස්ථානය තුළත්, අවුරුදු 22 සිට 36 දක්වා පුද්ගලයින් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ හා වයස අවුරුදු 36ට වඩා වැඩි පුද්ගලයින් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුනරුත්ථාපනය ක්‍රියාවලිය සඳහා යොමුකරනු ලබනවා.

පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමුවන කාලය තුළ ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා වැඩසටහන්, විවිධ පුහුණුවීම් ආපදා කළමණාකරණය, ප්‍රථමාධාර,ජීවිතාරක්ෂක, පරිසර ආරක්ෂණය, වෘත්තීය පුහුණු අවස්ථාවන් වැනි විවිධ පාඨමාලාවන් හැදෑරීමේ පහසුකම් සපයා ඇති අතර, පුහුණුවීම් අවසානයේ සහතික පත්‍ර ලබාදීමක්ද සිදුවන බව වාර්තා වනවා.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 520 දෙනෙකු පුනරුත්ථාපනය වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වන පුද්ගලයින් 232ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් යොමුකර තිබෙනවා.

2013 වසරේ සිට මේ දක්වා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් 9,120 දෙනෙකු පුනරුත්ථාපනය කර තිබෙනවා.

මේ අතර අධිකරණ අමාත්‍යතුමා පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමටද එක් වී සිටියා.

පොළොන්නරුව බන්ධනාගාරයේ විශේෂිත අංශයේ සිරකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අංශයේ රඳවා සිටින සියලුම සිරකරුවන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබුණා.
 

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...