දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත වනවා.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස රැගත් විශේෂ ගුවන් යානය ඊයේ (08) රාත්‍රී මෙරටට පැමිණියේය.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිනි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.
චීන විදේශ අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේදීම කොළඹ වරාය නගරය නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතව තිබුණි.
වරාය නගරයේ විවෘත කිරීම් කිහිපයකට ද චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද සහභාගී වීමට නියමිතය.
එමෙන්ම මෙරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට ද සැලසුම් කර තිබේ.
මෙ අතර, චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද මෙහිදී සිදු කිරිමට නියමිත වේ.
ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වේ.