27.7 C
Colombo
Tuesday, May 13, 2025

පොහොට්ටුව කියන්නේ අපරාජිත දේශපාලන පක්ෂයක් – නාමල්

- Advertisement -

මහින්ද චින්තනයේ ආභාෂයෙන් ගොඩනැඟුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති කඳවුර, අභියෝගවලින් පලා නොයන දේශපාලන පක්ෂයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පසුගිය 08 වැනිදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් දෙනියාය ආසන සමුළුව අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

නාමල් රාජපක්ෂ මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේ කුමන අභියෝගයක් පැමිණිය ද ඊට බිය වී තම පක්ෂයේ දේශපාලන චින්තනය වෙනස් නොකරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“පසුගිය කාල සීමාව තුළ අපේ පක්ෂයේ පවත්වපු ආසන බල මණ්ඩල අතරින් ඉතාමත් සාර්ථක බල මණ්ඩලයක් ලෙස දෙණියාය ආසන බල මණ්ඩලය හඳුන්වන්න පුළුවන්. ඒක පක්ෂයට ලොකු ගෞරවයක්. ඒ වගේම අපි විශ්වාස කරනවා අපි නියෝජනය කරන දේශපාලන කඳවුරට විශාල ශක්තියක් වෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග බැඳුන දිස්ත්‍රික්කයක් තමයි මාතර දිස්ත්‍රික්කය කියන්නෙ. හම්බන්තොට දිස්ත්‍රික්කය හා සමානව මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් ලෙංගතු දේශපාලන කඳවුරක් විදියට මාතර දිස්ත්‍රික්කය හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් දෙණියාය ආසනයත් ඒ වගේම තමයි. අපි කුඩා කළ ඉදන් හැදුන වැඩුන, ආව ගිය ගම්මාන තිබෙන නෑදෑ හිත මිතුරන් සිටින වැඩිහිටියන් සිටින ආසනයක් විදියට දෙණියාය හඳුන්වන්න පුළුවන්. අපි පසුගිය කාලයේ විශාල ජයග්‍රහණ ලැබුවා. එ ජයග්‍රහණ වගේම අපි අභියෝගවලටත් මුහුණ දුන්නා. අපි අපරාජිත දේශපාලන පක්ෂයක්. යම්කිසි කුමන්ත්‍රණයක් විසින් පසුගිය කාලෙ අපේ ආණ්ඩුව වැටුණා.”

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...