25 C
Colombo
Monday, May 20, 2024

මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න – විමල්

- Advertisement -

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩවී නොමැති බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා. 

ඒ, කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්,

“ඒක අධිකරණයේ විනිසුරුවරුන්ගේ තීරණයක් නෙමෙයි නේ. නීතිපතිතුමාගේ නියෝජිතයෝ යන්නෙත් එතන නීතිඥයෝ හැටියට. සාමූහික වගකීමකට බැඳෙන්නේ සිදුවුණු දේකට. සිදු නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට එතන සාමූහික බැඳීමකට වගකීමක් නෑ. මෙතන අද්භූත පත්‍රිකාවක් අනුමත වුණා කියලා මිනිට්ස්වල ඊට පහුවෙනිදා තිබ්බා කියලා අපිට ඒක පිළිගන්න බෑ. එහෙම පිළිගන්නවා නම් මේ රටේ ජනතාවට අපි ආණ්ඩුව හදන්න කලින් කියපු කතා බොරු.”

මාධ්‍යවේදීන් – “වෙනම ගමනක් යන්න සූදානමක් ද මේ තියෙන්නේ ?” 

ඊට පිළිතුරු දුන් විමල් වීරවංශ අමාත්‍යවරයා, 

“ඒවට කලබල වෙන්න එපා..ඔයගොල්ලන්ට හරි උවමනාවක් තියෙනවා ද ඉක්මනට අපිව එළියට ගන්න. ප්‍රශ්න වුණයි කියලා ප්‍රශ්නයක් නෑ. මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න.”

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ඊයේ (17) අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...