34 C
Colombo
Monday, May 6, 2024

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

- Advertisement -

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(23) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී දහස් දැක්වූ දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“මගේ සීයාගේ සොහොන කඩලා බිඳලා දැම්මා, අපි ජීවත් වෙච්ච නිවාස ගිනි තියන්න ගත්තා, මේ දරුවන්ට වෛර කරලා වැඩක් වෙන්නේ නෑ. යම් කණ්ඩායමක් විසින් ඒ අයව පෙළඹවූවා. සාමාන්‍යයෙන් දරුවෝ වුණාම ටිකක් දඩබ්බරයි, මටත් ඒක තේරුම්ගන්න තාත්තා කෙනෙක් වෙන්නම වුණා. වැඩිහිටියෝ විදියට ඔබේ අපේ වගකීම තමයි ඒ දරුවන්ට යථාර්ථය පැහැදිළි කිරීම. ඒ නිසා අපේ හාමුදුරුවනේ ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන ලෝකය පිළිබඳව විවෘත මනසකින් බලන්න.”

අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මෙම කාර්යාලය විවෘත කිරීම ඊයේ සිදුකෙරුණේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරින්ගේ සිහිය ගන්න දේශබන්දුගෙන් වැඩසටහනක්

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකල වැඩසටහනක් ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පවත්වා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

වීසා ගැටලුව විවේචනය කළ තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ටිරාන්

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...