26.8 C
Colombo
Sunday, May 19, 2024

ජනාධිපතිවරණය තියන්න අපි දැනටමත් තීරණය කරලා ඉවරයි – ප්‍රසන්න

- Advertisement -

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එහෙත් විපක්ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බලකරමින් මේ මොහොතේදී රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“පළාත් පාලන මැතිවරණය විතරක් නෙවෙයි පළාත් සභා මැතිවරණයත් කල් දාලා තියෙනවා. හැබැයි අපි පැහැදිලිව රජයක් හැටියට ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියනවා ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය තියෙනවා කියලා.”

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

වැසි තත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...