25 C
Colombo
Sunday, May 19, 2024

බඩු මිලට ගැලපෙන ආදායම අපි ඇති කරන්න ඕන-සාගල

- Advertisement -

දැනට පවතින භාණ්ඩ මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා.

රුපියල ශක්තිමත් වීම ඉතා හෙමින් සිදුවන බැවින් දැන් සිදුකළ යුත්තේ ජනතාවගේ ආදායම වැඩි කිරීම සඳහා පියවර ගැනීම බව පැවසු රත්නායක මහතා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවල හේතුවෙන් ආර්ථිකය ක්‍රමානුකුලව ශක්තිමත් වෙමින් පවතින බවද සඳහන් කර සිටියා.

සාගල රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“අපිට බඩු මිල ගේන්න පුළුවන් අඩුම තැනට ඇවිත් තියෙන්නේ. සමහර දේවල් අඩු වැඩි වෙනවා එළවළු වගේ දේවල්. නමුත් විදේශ විනිමය සම්බන්ධයෙන් ගේන්න පුළුවන් අඩුම තැනට බඩු මිල ඇවිත් තියෙන්නේ. මොකද රුපියල මීට වඩා ශක්තිමත් වෙන්නේ බොහෝම හෙමින්. අපිට කරන්නේ තියෙන්නේ ආදායම වැඩිකරන එක. නැත්නම් මේ තුන් ගුණයකින් වැඩි වුණ බඩු මිලට ගැලපෙන ආදායම අපි ඇති කළ යුතුයි. රාජ්‍ය සේවකයින්ට රු 10,000කින් ආදායම වැඩිවෙනවා මේ අවුරුද්දේ. ඒ වුණාට ඒ වැඩිවුණ බඩු මිල එක්ක මේක ගෑවෙන්නවත් මදි. නමුත් රජයට මේ අවුරුද්දේ දරාගන්න පුළුවන් ප්‍රමාණය තමා මේ දුන්නේ. ඉදිරි අභියෝගය තමා ආදායම වැඩිකර ගැනීම.”

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...