26.8 C
Colombo
Sunday, May 19, 2024

ගෝඨාභයට වුණු දේ මම රනිල්ට වෙන්න දෙන්නේ නෑ – මහින්දානන්ද

- Advertisement -

2019 ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී 2020 අගෝස්තු මස වන තෙක් කොවිඩ් වසංගතය හොඳින් කළමනාකරණ කර ගනිමින් රට පාලනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණේ ජනහමුවකට එක්වෙමින්.
“කොවිඩ් 19 වසංගතය සහ ලෝක ආර්ථික ආර්බුදය නිසා ඇති වුණු ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා අන්තවාදී NGO නඩ ක්‍රියාත්මක වෙලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගෙදර යැවුවා.

අපි පිළිගන්න ඕනි මිනිස්සු දැඩි පීඩනයක සිටියා කියලා. අරගලයෙන් එළියට ආවේ ඒ පීඩනයයි. නමුත් ජේවිපී එක, පෙරටුගාමීන් තම දේශපාලන න්‍යාය පත්‍ර අරගලය ඇතුළේ ක්‍රියාත්මක කරා.

අද ඒ බව එළි වෙමින් තිබෙනවා. ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගෙ නිවස ගිනි තිබ්බ කෙනා මිනුවන්ගොඩ ජේවිපි රැස්වීමේ කතා කරනවා.

අරගලයේ හිටපු හාමුදුරුවෝ නමකගේ ගිණුමට රුපියල් කෝටි 12 ක් බැර වෙලා. තොරතුරු අනුව ඒ මුදල් ලැබි තිබෙන්නේ ගෝතමාලාවෙන්.

ගෝතමාලාව තමයි ලෝකයේ වැඩිපුරම මත්ද්‍රව්‍ය භාවිතා කරන රට. එහෙම රටකින් තමයි ගෝඨාභය මහතා එළවන්න සල්ලි දෙන්නේ.

අරගලයේ හිටපු රැට්ටා ඇතුළු පිරිසගේ ගිණුම් පරීක්ෂා කරනවා. තව තොරතුරු එළි වේවි. අපි ජනවරමකින් පත් වුනු රජයක්. නමුත් මෙම අරගලය නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත් ගෙදර යන්න සිදු වුණා.

මෙහෙම දෙයක් ලංකා දේශපාලනය ඉතිහාසයේ සිදු වුණු පළමු අවස්ථාව මෙයයි. රටට විකල්පය ජේවිපි එක නෙමෙයි. මිනිස්සු අද ඒ බව තේරුම් අරගෙන ඉන්නවා. අනුර කුමාර කියන්නේ ෆේස් බුක් එකේ ජනාධිපති. රටට බොරු කියන්නේ මොකටද, ඇත්ත කියන්න ඕනි.

තේ කඩයක්වත් කරපු නැති ජේවිපි එක රටක් පාලනය කරන්නේ කොහොමද. අනුර කුමාර 75 වසරක ශාපය ගැන කතා කරන්නේ එයාලා මුකුත්ම කරලා නැහැ වගේ.

චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ අනුර කුමාරලත් ඇමතිකම් කරා. ඇමතිකම් දුන්නේ වසර 5 කට යි. නමුත් මගදි දාලා ගියා. එතුමා ඇමතිකම් කරපු විදිහ ගැන මම කියන්නේ නැහැ.

ජේවිපි එකට ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන්න දැනුමක් නැහැ. ජේවිපි එක කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය පරද්දන්න අනුර කුමාර සැලසුම් හැදුවා.

ඒ යුද්ධය අවසානම කාලයේ. එදා අයවැය පැරදුනා නම් උතුරේ යුද්ධය තවම තියෙනවා. පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ගේ පියා සහ මාමා ජේවිපී එකේ ජාතික ලැයිස්තුවේ හිටියා. මේවා නිකම් වෙන දේවල් නෙමෙයි.

අපි රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරා. නමුත් මේ මොහොතේ අභියෝගය බාරගෙන ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වුණේ එතුමට විතරයි. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කුකුලෙන් අදින්නේ නැහැ.

මම වගකීමෙන් කියනවා ගෝඨාභය ජනාධිපතිතුමාට වුණු දේ වත්මන් ජනාධිපතිවරයාට වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

වැසි තත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...