29.2 C
Colombo
Tuesday, May 13, 2025

දුමින්දට එරෙහි විජයදාසගේ පෙත්සම යළි සලකා බැලීම හෙට

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (21) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

එහිදී විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය කොළඹ දිසා අධිකරණ බලසීමාවේ පදිංචිකරුවන් නොවන බව දිසා විනිසුරුවරයා විසින් තීරණය කිරීම නිසා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවත් පෙන්වා දුන්නා.

එම තත්ත්වය යටතේ අදාළ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ නොකොට එය සංශෝධනය කිරීමට අවසර දීම සඳහා දිසා විනිසුරුවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව විත්තිකරු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව විත්තිකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන අතර ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය දැරීමට කිසිදු නිත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂ මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම පක්ෂයේ සභාපති ධුරය සඳහා පත් වන්නේ කෙසේදැයි මෙහිදී ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට (22) දින තෙක් කල් තැබුණා.

RECENT ARTICLES - SINHALA

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට...

පාලුකඩවල වැවේ දියනෑමට ගිය දැරිවියන් දෙදෙනෙක් මරුට

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද...

වෙසක් දවසේ බයික්වලින් ඇවිත් පාරේ යකා නටලා – බයික් 36ක් පොලීසියේ

ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12)  වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස්...

POPULAR ARTICLES