29 C
Colombo
Saturday, July 27, 2024

විමල් වීරවංශගේ බිරිද CID යට (වීඩියෝ)

- Advertisement -

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ ඇය ප්‍රකට ව්‍යාපාරිකයෙකු සමඟින් විදෙස් ගතවී ඇතැයි පැතිරයන කටකතාවක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.

ශෂී වීරවංශ මහත්මිය පවසන්නේ තමන් හෝ තමන්ගේ දරුවන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ද නොවුනද දිගින් දිගටම තමන් හට මඩ ප්‍රචාර එල්ලවෙමින් පවතින බවයි.

මෙතෙක් එවැනි මඩ ප්‍රචාර ඉවසමින් කටයුතු කළද තවදුරටත් නිහඩව සිටීමට නොහැකි බැවින් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි ඇය මාධ්‍ය වෙත සදහන් කළේ.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්දයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන දේශපාලන ප්‍රහාර සම්බන්දයෙන් ශෂී වීරවංශ මහත්මියගෙන් විමසීමේදී ඇය කියා සිටියේ තමන්ට දේශපාලන කරුණු අදාල නොවන බවත් එම ගැටළු අමාත්‍යවරයාම විසදාගත යුතු බවත්ය.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පති පත්කරන්න ඕනේ ජනාධිපති -නීතීඥ සාලිය පීරිස්

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඒ පොලිස්පති...

මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානම්-රංජිත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පසුගිය අයවැයෙන් මැතිවරණ...

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...