25 C
Colombo
Saturday, December 9, 2023

ලෝක කුසලාන පරාජය හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවූ ඉන්දීය ක්‍රීඩාලෝලීන්

- Advertisement -

ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලද පරාජය දරාගත නොහැකිව ඉන්දීය ක්‍රීඩාලෝලීන් කිහිපදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණමක් පිළිබඳව විදෙස් මාධ්‍ය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක් ඉන්දීය ජාතිකයෙකු කම්පනයෙන් මියගොස් ඇති අතර, තවත් දෙදෙනකු සියදිවි නසාගෙන ඇති බවයි.

පසුගිය ඉරිදා (19) පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාව ලැබූ පරාජයත් සමඟ එතෙක් අපරාජිතව සිටි ඉන්දීය කණ්ඩායමට අනුශූරතාවයෙන් පමණක් සෑහීමට පත්වීමට සිදු වුණා.

ඉන්දීය කණ්ඩායම ලද මෙම පරාජය දරාගත නොහැකිව ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බන්කුරා දිස්ත්‍රික්කයේ 23 හැවිරිදි තරුණයෙක් ගෙළවැළලාගෙන මියගොස් තිබෙනවා.

මේ අතර ගුවහාටි නුවර පුද්ගලයෙක් ඉන්දියාව ලද පරාජය නිසා ඇතිවූ කම්පනයෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් පසු දැඩි මානසික පීඩනයකට ලක්වූ ඔහු රාත්‍රී ආහාරයද නොගෙනම නින්දට ගොස් තිබූ අතර පසුව ප්‍රතිචාර නොදැක්වීම නිසා රෝහල්ගත කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් බව හෙළිව තිබෙනවා.

මේ අතර ඔඩීෂා ප්‍රාන්තයේ ජායිපූර්හී තරුණයෙකුද ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් පසුව කම්පනයට පත්ව ඇති අතර ඔහුද සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...