28 C
Colombo
Saturday, July 27, 2024

අද රෑ එලාම් තියලා පියවි ඇහෙන් බලන්න- උල්කා වැස්සක්

- Advertisement -

මඟහරින්නෙ නැතිව බලන්නම ඕනෑ, අපට දෑසින් බලන්න පුළුවන් විශ්වයේ සුන්දරම දර්ශනයක් තියෙනවා. උල්කා වැස්සක්. උල්කා වැසි අතරත් ලොකුම එක. ජෙමිනිඩ් උල්කා වැස්ස.

මේ උල්කා වැස්ස දවස් කිහිපයක් තිස්සේ තිබුණත්, හොඳින්ම පෙනෙන දවස දෙසැම්බර් 13 රාත්‍රිය. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධාන තාරකා විද්‍යාඥ සරාජ් ගුණසේකර මේ උල්කා වැස්ස බලන්න කියා මාධ්‍ය හරහා කියා තිබුණා.

දෙසැම්බර් 13 ඉරිදා රෑ ඉඳලා දෙසැම්බර් 14 පාන්දර වෙනතුරු. පාන්දර 2ට විතර මේ සුන්දර හොඳින්ම බලාගන්න පුළුවන්. මිථුන රාශිය හෙවත් ජෙමිනි කියන රාශිය අඳුනගන්න පුළුවන් කෙනෙකුට ලෙහෙසියෙන් මේ උල්කා වර්ෂාව දැකගන්න හැකිවේවි.

මිථුන රාශිය කියන්නේ ‘නිවුන් සහෝදරයන් දෙන්නා’නේ. ඒ දෙන්නාගෙන් එක් සහෝදරයෙක්ගෙ හිස විදියට තියෙන, වඩාත් දීප්තිමත් කැස්ටර් කියන තරුව ළඟින් තමයි මේ වර්ෂාව උපදින්නේ. එතැනින් ඉපදිලා, අහසේ විහිද යන උල්කා බලාගන්න පුළුවන්.

මිථුන රාශිය ගැන නොදන්නවානම් මේ අහස් සිතියමෙන් තැන අඳුනගන්න පුළුවන්. රෝස පැහැයෙන් තියෙන්නේ මේ උල්කා වර්ෂාව තිබෙන තැන.

මෙය අපට රාත්‍රී අහසේ බලාගන්න අවස්ථාව ලැබෙන හරි ලස්සනම දර්ශනයක්. ඒ මේ අත දුවන තරු උල්කා වර්ෂාවක තියෙනවා.

හදිසියේවත් ඒ දිනය මඟහැරුණොත්, ඉදිරි දිනවලදී වුණත් මහ රෑක අහස දිහා බලාගෙන හිටියොත් ඒ මේ අත යන උල්කා බලාගන්න පුළුවන්. පහුගිය අවුරුදු ගාණක් තිස්සේ දකින්නට ලැබුණු ජෙනිමිඩ්ස් උල්කා වැස්ස එන්න එන්නම ආලෝකවත් වෙන බවයි විද්‍යාඥයන් කියන්නේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...