28 C
Colombo
Saturday, July 27, 2024

ඇමෙරිකානු ආණ්ඩුක්‍රමය

- Advertisement -


ශ්‍රී ලංකාවේ වත්මන් විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය ගුරු ආභාසය ලබාගත් ප්‍රධාන තැනක් නම් ඇමෙරිකානු ආණ්ඩු ක්‍රමයයි. කෙසේ වෙතත් ඇමෙරිකානු ආණ්ඩුක්‍රමය ලොව පිළිගැනීමට ලක් කෙරෙන්නේ බලතල වෙන්කිරීමේ සිද්ධාන්තය හා සංවරණ හා තුලන මූලධර්මය සම්භාව්‍ය ආකාරයෙන් ව්‍යවහාර කොට ඇති ආණ්ඩුක්‍රමයක් වශයෙනි. විධායක බලය ජනාධිපතිවරයා අත ස්ථානගත කර ඇති ඇමෙරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයා සේනාධිනායක කර ඇත. ජනාධිපතිවරයා වන තැනැත්තා හෝ තැනැත්තිය වයස අවුරුදු 35ට නොඅඩු විය යුතු අතර අවුරුදු 14 ක් පමණ එරට ජීවත් වන පුරවැසියකු විය යුතුය. එමෙන්ම ඇමෙරිකාවේ උපන්නෙකු ද විය යුතුය.


ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාට වසර 4ක කාලයක් ධුරය දැරීමට අවස්ථාව හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම තැනැත්තාට ජනාධිපති ධුරයට පත්විය හැක්කේ තවත් එක් වරකි. එරට ඇත්තේ ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයකි. කොංග්‍රස් මණ්ඩලය යනු එයයි. (ලංකාවේ නම් පාර්ලිමේන්තුවය). 541 දෙනකුගෙන් සමන්විත කොංග්‍රස් මණ්ඩලය නැවතත් සෙනෙට් මණ්ඩලය හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වශයෙන් කොටස් දෙකකට බෙදේ. කොංග්‍රස් මණ්ඩලයේ සෑම සාමාජිකයකුම ඇයගේ හෝ ඔහුගේ හෝ ප්‍රාන්ත රාජ්‍යයෙන් තොර පත්කර ගැනේ.


නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 435 කින් සමන්විත වේ. අවසානය වෙද්දී එහි ඩිමොක්‍රටික් පක්ෂ සභිකයෝ 232ක් හා රිපබ්ලිකන් සභිකයෝ 198 ක් ද එක් ලිබරටේරියානුවෙක් ද නියෝජනය කළහ. සෙනෙට් මණ්ඩලයට මන්ත්‍රීන් පත්වන්නේ සෑම ප්‍රාන්ත රාජ්‍යකින්ම දෙදෙනෙකු වන පරිදිය. ඒ අනුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ආසන 100 කින් සමන්විතය. එහි රිපබ්ලිකන් සභිකයන් 45 ක් නියෝජනය වෙද්දී ඩිමොක්‍රටික් සභිකයන්ගේ නියෝජනය 53 ක් විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වසර දෙකක ධුර කාලයක් සඳහා පත්වන අතර සෙනෙට් මණ්ඩල සාමාජිකයන්ට වසර හයක කාලයක් දක්වා ධුරය දැරිය හැකිය. ඊට අමතරව ඡන්දය භාවිත කළ නොහැකි සමාජිකයෝ 6 දෙනෙකි. ෆෙඩරල් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.


ඇමෙරිකාවේ අධිකරණ අංශයට කොංග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ ජනාධිපතිවරයා විසින් අස්සන් කරනු ලැබ ඇති පනතක් අර්ථකතනය කිරීමේ බලය ඇත. ඇමෙරිකානු අධිකරණ අංශය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහළ ෆෙඩරල් අධිකරණවලින් සමන්විත වේ. මූලික වශයෙන්ම ඇමෙරිකානු අධිකරණ පද්ධතිය අධිකරණ මට්ටම් පහකින් යුක්තය. ඒවා නම් එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය, ෆෙඩරල් අධිකරණ මධ්‍යස්ථානය, එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණ සහ එක්සත් ජනපද බදු අධිකරණය වේ.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...