29 C
Colombo
Tuesday, November 30, 2021

කරන්, සෝයා, අනුරාග්, දිබාකර් බිය සොයා යති

- Advertisement -

ගෝස්ට් ස්ටෝරිස් නම් නවතම ඇන්තලොජි චිත‍්‍රපටිය මේ වනවිට නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියෙන් නැරඹිය හැකිය. මෙය කරන් ජෝහාර්, සෝයා අක්තර්, අනුරාග් කාශ්‍යප් හා දිබාකර් බැනර්ජි යන අධ්‍යක්ෂවරුන් සිව්දෙනා එක්ව නිර්මාණය කළ චිත‍්‍රපටියකි. ඇන්තලොජි චිත‍්‍රපටියක් යනු එක් අධ්‍යක්ෂවරයෙකු හෝ අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකු එක්ව, එකම තේමාවකින් සුසම්බන්ධිතව, චිත‍්‍රපටි කිහිපයක් එකතු කොට නිර්මාණය කරන චිත‍්‍රපටියකි. මෑත කාලයේදී ශ‍්‍රී ලාංකේය කලාත්මක සිනමාවේ ගෞරවණීයම සිනමාකරුවන් තිදෙනෙක් වන ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම හා විමුක්ති ජයසුන්දර එක්ව තුන්දෙනෙක් නම් ඇන්තලොජි චිත‍්‍රපටිය නිර්මාණය කළේය. 


කෙසේ වෙතත් අපේ කලාත්මක සිනමාකරුවන් තිදෙනාගේ එක්වීමට වඩා කරන්, සෝයා, අනුරාග් හා දිබාකර් එක්වීම වෙනස්ය. ඔවුන් එක්ව ඇන්තලොජි චිත‍්‍රපටි තුනක් මේ වනවිට නිර්මාණය කර ඇත. ගෝස්ට් ස්ටෝරිස් තෙවැන්නයි. මුලින්ම ඔවුන් 2013 දී බොම්බේ ටෝකීස් නම් ඇන්තලොජි චිත‍්‍රපටිය නිර්මාණය කර තිබුණි. ඔවුහු 2018 දී ලස්ට් ස්ටෝරිස් නිර්මාණය කළෝය. ඒ චිත‍්‍රපටි දෙකම ඉහළ විචාරක ගෞරවයට පාත‍්‍ර වී ඇත. මේ ඇන්තලොජි චිත‍්‍රපටි තුනම බොලිවුඞ් සිනමාවට වෙනසක් එකතු කරන්නට සමත් විය. පේ‍්‍රක්ෂකයන්ට අලූත් අත්දැකීම් ලබාදෙන්නට සමත්විය.


මේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනාත් එකිනෙකට වෙනස්ය. කරන් ජෝහාර් යනු වෙනස්ම අධ්‍යක්ෂවරයෙකි. ජනප‍්‍රිය සිනමාවේ ජනප‍්‍රියම, විටෙක බොළඳම යැයි කියන චිත‍්‍රපටි නිර්මාණය කළ අධ්‍යක්ෂවරයෙකි. කුච් කුච් හෝතාහේ, කබි කුෂි කබි ගම්, ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් වැනි සරල පේ‍්‍රමකතා රැුගත් චිත‍්‍රපටි ඔහුගේ සිනමාකෘති අතර විය. ඒ අතර ඔහු මේ ඇන්තලොජි චිත‍්‍රපටි තුනට එක්වන්නේ වෙනස්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ය. තමන්ගේ සුපුරුදු සිනමාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්නටත්, තමන්ගේ සිනමාත්මක හැකියාවන් පෙන්වන්නටත් මේ චිත‍්‍රපටි තුනේදී ඔහු උත්සාහ කර ඇත.

සෝයා අක්තර්ද එවැන්නියකි. ඇය ලක් බයි චාන්ස්, සින්දගී නා මිලෙන්ගී දෝබාරා වැනි චිත‍්‍රපටි අධ්‍යක්ෂණයෙන් සිනමාවට ආ අධ්‍යක්ෂවරියකි. එහෙත් 2013 දී බොම්බේ ටෝකීස් නිර්මාණය කිරිමෙන් පසුව ඇගේ සිනමාවද වෙනස් වූ බව කිව හැකිය. ඇය අධ්‍යක්ෂණය කළ ගලි බෝයි චිත‍්‍රපටිය සුපුරුදු ජනප‍්‍රිය බොලිවුඞ් සිනමාවට අයත් චිත‍්‍රපටියක් ලෙස නම් කළ නොහැකිය. ඇය සම්පූර්ණයෙන්ම වෙනස් ආරේ ජනප‍්‍රිය චිත‍්‍රපටියක් නිර්මාණය කරන්නට එයින් සමත් විය.අනුරාග් සහ දිබාකර් යන අධ්‍යක්ෂවරුන්ට මෙය පහසු කලාපයක් වන්නට ඇත. ඔවුන් දෙදෙනාම සාම්ප‍්‍රදායික ජනප‍්‍රිය චිත‍්‍රපටි නිර්මාණය කළ අධ්‍යක්ෂවරුන් නොවේ. අනුරාග්ගේ දේව් ඞී, ගැන්ග්ස් ඔෆ් වසිපුර්, රාමන් රාඝව් 2.0 ආදී චිත‍්‍රපටි සියල්ල වෙනස් සිනමාත්මක නිර්මාණය. ඇත්තෙන්ම බොලිවුඩයට වෙනසක් හඳුන්වාදුන් අධ්‍යක්ෂවරුන් අතර ඔහු පුරෝගාමියෙකි. දිබාකර්ද එවැන්නෙකි. කෝස්ලා කා ගෝස්ලා, ලව් සෙක්ස්  ඕර් දෝකා ආදී ඔහුගේ චිත‍්‍රපටයන්  බොලිවුඩයට වෙනසක් එක් කළ ඒවාය.


කෙසේ වෙතත් එකිනෙකට වෙනස් හැඩයක් රැුගත් අධ්‍යක්ෂවරුන් සිව්දෙනෙක් එකම තේමාවක් ගැන කතාකිරීමේ අත්දැකීම අපූරුය. ගෝස්ට් ස්ටෝරිස් චිත‍්‍රපටියේද ඇතැම් අඩුපාඩු ගැන විවේචන අසන්නට ලැබී ඇතත්, මේ අධ්‍යක්ෂවරුන් එක්ව යන සිනමාත්මක චාරිකාව කිසිසේත්ම මඟහැරිය නොහැකිය. මඟහැරිය නොහැකි ඇත්තක් ඇත. මේ ඇන්තලොජි චිත‍්‍රපටියේ ඇති මහඟු මිණ වන්නේ අනුරාග් අධ්‍යක්ෂණය කළ කොටසයි.

මේ අධ්‍යක්ෂවරුන් තෝරාගෙන ඇත්තේ හොරර් නම් සිනමා ශානරයයි. එම ශානරයේ තේමාව වන්නේ බියයි. සාමාන්‍යයෙන් ජනප‍්‍රිය හොරර් චිත‍්‍රපටියකදී මොනවා හෝ හොල්මනක් පෙන්වා බිය කිරීම දකින්නට ඇත. එහෙත් එවැනි බාල හොරර් චිත‍්‍රපටිවලින් එහා ගිය නිර්මාණශීලී හොරර් චිත‍්‍රපටි ඉන්දීය සිනමාවේම අඩුය. එවැනි පසුබිමක මේ අධ්‍යක්ෂවරුන් බිය තේමා කරගන්නේ කෙලෙසද යන්න දැනගැනීම අපූරුය. ඇත්තෙන්ම ඔවුන් බිය තේමා කරගන්නේ ක්ෂණීක හොල්මනක් පෙන්වා පේ‍්‍රක්ෂකයන් බය කරන්නට නොවේ. ඒ වෙනුවට මිනිසුන්ගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇති බිය ගැන සියුම් ලෙස කතාකරන්නට ඔවුන් උත්සාහ කරයි. ඒ සඳහා ඔවුන් තේමා කරගෙන ඇත්තේ ඔවුන් තුළම ඇති ආත්මීය බිය වේ. මේ තම තමන්ගේ චිත‍්‍රපටි ගැන අධ්‍යක්ෂවරුන් සාකච්ඡුාවකදී ඉදිරිපත් කල කෙටි අදහස්ය.


තම චිත‍්‍රපටියේ තේමාව වන බිය ගැන සෝයා මෙසේ කියන්නීය. ‘මම බයවෙන්න කැමතියි. බය කරන්නත් කැමතියි. සාමාන්‍ය නොවන දෙයක් කරන්න මම සතුටුයි. එහෙත් අසාමාන්‍ය බව අපි ළඟම තියෙනවා. අපි එය මඟහරිනවා. අපි චිත‍්‍රපටි නිර්මාණකරුවන්. අපි කරන්නේ ටිකක් එළියට බැසීම. අපේ හිස පසුපස තියෙන දෙයක් කිරීම.  නිසා මම හරිම කැමතියි බය හිතෙන දෙයක් කරන්න. මම මාර ආසාවෙන් හිටියා. මේ ශානරයට මම හැමදාම කැමැත්තෙන් හිටියා. රෝස්මෙරීස් බේබි, සික්ස්ත් සෙන්ස්, ෂයිනින් වැනි චිත‍්‍රපටි මම නැවත නැවතත් බලපු චිත‍්‍රපටි. හැමවෙලාවෙම ඒ ගැන ආසාවෙන් හිටියා. බිය එක්ක සෙල්ලම් කරන්න මම කැමැත්තෙන් හිටියා. ඒ බිය මා තුළ තියෙනවා. එය අරගෙන සිනමා ශානරයට ගැනීමේ හැකියාව තිබෙනවා. මා තේමා කරගත්තේ අත්හැරීම පිළිබඳ බිය. වියපත් වීම පිළිබඳ බිය. මරණය පිළිබඳ බිය. මම මරණයට බයයි. තනිකමට බයයි. කාමරයක කොටු වෙන්නට බයයි. 


සම්බන්ධතාවයක හිරවෙන්න මම බයයි. මම දොර ළඟට දුවනවා. මම තනිව ඉන්නකොට කාත් එක්ක හරි ඉන්න  ඕනෑ. කාත් එක්ක හරි ඉන්නකොට තනිවෙන්න  ඕනෑ. මට ඒකත් එක්ක ජීවත් වෙන්න සිද්ධවෙනවා.‘


අනුරාග් කාශ්‍යප් තමන්ගේ චිත‍්‍රපටියට පසුබිම ගැන මෙසේ කියන්නේය. ‘මේ චිත‍්‍රපටියේ පිටපත ලීවේ වයස අවුරුදු 22 ක දැරියක්. ඇය මේ කතාව රැුගෙන මා වෙත ආවා. ඇය මා වෙත එනකොට ඇයට පෙම්වතෙක් හිටියේ නැහැ. ඇය සම්බන්ධතාවයක හිටියේ නැහැ. මේ චිත‍්‍රපටිය ඇගේ පසුබිමේ ඇති බොහෝ සිදුවීම් වලින් එනවා. එය සාංකාව මත පදනම් වූ එකක්. ගැබිණි කාන්තාවකට තිබෙන බිය. මීට පෙරත් ඇගේ දරුවෙක් බිහිවෙද්දී මියගොස් තියෙනවා. ඒ නිසා ඇය ඒ බියෙන් ඉන්නවා. ඒ බිය මම එළියේත් දැකලා තියෙනවා. මම කැමති බිය තමයි මනෝවිද්‍යාත්මක බිය. මට  ඕනෑ වුණේ මානසික තත්වයක් ගැන චිත‍්‍රපටියක් කරන්න.‘  


දිබාකර්ගේ චිත‍්‍රපටිය සෝම්බි හෙවත් ඇවිදින මළවුන්ගේ තේමාවක් රැුගත් චිත‍්‍රපටියකි. ඔහු ඒ ගැන මෙසේ කියන්නේය. ‘මම හිතන්නේ සෝම්බි චිත‍්‍රපටිවලට මම ආකර්ශනය වෙනවා. මොකද එය අපට තල දෙකක තිබෙන මූලිකම බියක් ස්පර්ශ කරනවා. එකක් අප මියයෑමේ බය. දෙවැන්න අපි හැමෝම මියයාවි කියන බය. සෝම්බි චිත‍්‍රපටි ස්පර්ශ කරන්නේ එය. එය මරණයෙන් එහා දෙයක්. මට හැමවෙලාවෙම බියක් තියෙනවා මගේ දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ මොනවගේ ලෝකයකද කියන එක ගැන. නිතරම මට ගැඹුරු බියක් එනවා. මගේ දරුවන් ඉතාම නරක විදියට මියයෑම ගැන. එය චිත‍්‍රපටිය තුළ තියෙනවා. එහි සිටින දරුවන් ගැන දකිද්දී එය වැටහෙනවා.


කරන් ජෝහාර් මෙසේ කියන්නේය. ‘මෙය මගේ සිනමා දිවියේදී මා කවදාවත් නොසිතූ විදියේ චාරිකාවක්.  මා කවදාවත් මෙවැනි ඇන්තලොජි චිත‍්‍රපටියක් කරන්න හිතුවේ නැහැ. එහෙත් දැන් අපි එකතුවෙලා තුනක්ම කර තිබෙනවා. අවුරුදු හයක් තිස්සේ අපි මේ වැඬේ කරනවා. 


දැන් අපට කතාකරන්න වෙලා තියෙනවා අපි මේ වැඬේ කරන්නේ ඇයිද කියලා. අපි ලස්ට් ස්ටෝරිස් තිරගත වූ මොහොතේමයි ගෝස්ට් ස්ටෝරිස් ගැන යෝජනා කළේ. මට හිතාගන්න බැහැ දෙයියන්ගෙ නාමෙට මම මොකද මේ හොරර් කියන තේමාව යෝජනා කළේ කියලා. මොකද මට තේරෙන්නේ නැහැ මේ ශානරය. මම හිතනවා අනුරාග් සහ දිබාකර් විවිධාකාර තේමා රැුගත් චිත‍්‍රපටි කරලා තියෙනවා. එහෙත් මම මේ ඇන්තලොජි චිත‍්‍රපටි හැර මෙවැනි නිර්මාණ කර නැහැ. ඇත්තටම මේ චිත‍්‍රපටියෙන් මම විතරක් බය වේවිද කියන බය මට තිබුණා.


 මම චිත‍්‍රපටියට කලිනුත් බය වුණා. චිත‍්‍රපටිය කරද්දීත් බයවුණා. කෙසේ වෙතත් මට අවිනාශ් සම්පත් කියන තිර රචකයාව මුණගැහුණා. මම එය කරන්න කැමති වුණා. මට මේ ශානරය ගැන අදහසක් තිබුණේ නැහැ. මම එය කරන හැටි දැනගෙන හිටියේ නැහැ. මට එළියට දාන්නට අභ්‍යන්තර හැඟීමක් තිබුණේ නැහැ. මට  ඕනෑ වුණේ එක්තරා විදියක ඩිස්නි හොරර් චිත‍්‍රපටියක් වගේ එකක් කරන්න. හොඳට ඉන්න අය හොඳට බයවෙන විදියේ චිත‍්‍රපටියක් කරන්න.‘


රේඛා නිලූක්ෂි හේරත්

RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...