24 C
Colombo
Thursday, March 30, 2023

කැන්රිච් ෆිනෑන්ස් ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 2කින් ඉහළ දැමීමට සූදානම්

- Advertisement -

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඕ විසින් ශ‍්‍රී ලංකා මහ බැංකු විසින් නිර්දේශ කරන ලද රුපියල් බිලියන 2 මූලික ප‍්‍රාග්ධන අවශ්‍යතාවය පුද්ගලික නිකුතුවක් මඟින් ඒ සඳහා නියම කරන ලද 2020 දෙසැම්බර් 31 වැනි දිනට පෙර සපුරා ගැනීමට කටයුතු යොදා ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුව කලින් කලට මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යා යුතු අවම මූලික ප‍්‍රාග්ධනය නියම කරන අතර ඒ අනුව 2021 ජනවාරි 1 වැනි දින වනවිට ලියාපදිංචි මූල්‍ය ආයතනයක් විසින් පවත්වා ගෙන යා යුතු අවම මූලික ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 2 ක් ලෙසින් නියම කෙරී තිබිණි.

පසුගිය සතියේදී ශ‍්‍රී ලංකා මහබැංකුව විසින් කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමට සාමාන්‍ය කොටස් සහ නිදහස් කළ නොහැකි, සමුච්චිත නොවන වරණීය කොටස් නිකුතුවක්  සඳහා අවසර ලබා දී තිබිණි. ඒ අනුව පුද්ගලික නිකුතුවක් මඟින්  සාමාන්‍ය කොටස් වෙනුවෙන් රුපියල් බිලියන 1 ක් සහ වරණීය කොටස් වෙනුවෙන් රුපියල් බිලියන 1 ක් වශයෙන් වශයෙන් ප‍්‍රාග්ධනය රැස් කිරීමට සැළසුම් කෙරෙන අතර ඒ හරහා මූලික ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 3 ක් දක්වා ඉහළ නැංවෙනු ඇත.

1971 වසරේදී සංස්ථාපිත මෙම සමාගම 2010 වසර සිට කැන්රිච් ෆිනෑන්ස් ලෙස ක‍්‍රියාත්මක වූ අතර ආරම්භයේ සිට වසර 6 ක් ඇතුළත සිය වත්කම් පදනම රුපියල් මිලියන 600 සිට රුපියල් බිලියන 12 දක්වා වර්ධනය කරගැනීමටත් එක් ශාඛාවක සිට දිවයින පුරා විසිරුණු ශාඛා 36 ක් සහ සේවකයින් 1000 කට අධික පිරිසක් දක්වා වර්ධනය වීමටත් සමාගමට හැකි විය.කැන්රිච් ෆිනෑන්ස් සමාගම 2014/2015/2016 වසරවලදී අඛණ්ඩවම දිවයිනේ ”වේගයෙන්ම වර්ධනය වන සහ නැඟී එන මූල්‍ය සමාගම” වශයෙන් සහ දිවයිනේ ”හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සේවා සම්පාදකයා” වශයෙන් ලන්ඩන් හි Global Banking & Finance Review වෙතින් සම්මාන ලැබීය.

කල්බදු, ක්ෂුද්‍ර කල්බදු, ක්ෂුද්‍ර මූල්‍ය, උකස් සහ පාරිභෝගික ණය වශයෙන් වන පුඵල් පරාසයක සේවාවන් පෙළක් කැන්රිච් ෆිනෑන්ස් සමාගම විසින් ඉදිරිපත් කරයි. වර්තමානයේදී සමාගම, උකස් ණය කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරමින් පවතින අතර කොටස් නිකුතුවෙන් පසුව විවිධාංගීකරණය වූ සේවාවන් පු`ඵල් කිරීමට අපේක්ෂා කරයි.

50 වැනි සංවත්සරය සමරන කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගම මේ වසර අවසානයට පෙර කොටස් නිකුතුව සම්පූර්ණ කිරීමට අදහස් කරන අතර ඒ වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයද යහපත් අතට හැරී සමාගමේ දියුණුවට හිතකර තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරයි.

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...