කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් එම රෝහල දින 14ක් වසා තැබීමට පියවර ගෙන ඇත.
කෑගල්ල, බල්ලපාන ප්‍රදේශයේ පුද්ගලයෙකු දෙසැම්බර් 09 වන දින අදාළ පෞද්ගලික රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.
එම පෞද්ගලික රෝහලේ CCTV කැමරා පද්ධතිය අක්‍රීය වී ඇති බැවින් රෝහලට පැමිණි ජනතාව හඳුනාගැනීමට නොහැකි වී ඇත.