28 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් දේහ භූමදාන අයිතිය මුස්ලිම්වරුන්ට දිය යුතුයි – මෛත්‍රීපාල

- Advertisement -

2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ “The Hindu” පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවක දීය. 

“අපේ පක්ෂයට කළුතර සහ නුවර එළිය සඳහා අපේක්‍ෂකත්ව ලැබුණේ නැහැ. ගම්පහ ට ලැබුණේ එකයි. කුරුණෑගල ට හමුවුණේ දෙකයි. අපට සාධාරණ අපේක්ෂක ගණනක් ලැබුනේ නැහැ. අපි ඉල්ලුවා අපේක්ෂකයින් 30ක්. නමුත් ලැබුණේ නැහැ. නැත්නම් අපේ 30ක් විතර පාර්ලිමේන්තු යනවා.”

“ඉදිරි පළාත් සභා මැතිවරණය එකතුවෙලා තරඟ කිරීමටයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපිට ලැබිය යුතු සාධාරණ ආසන ගණන ලැබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපිට එය ලැබුණොත් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා තරඟ කිරීමට ගැටළුවක් නැහැ. නමුත් සාධාරණ ලෙස නොසැලකුවහොත්, අපේ පක්ෂය තීරණය කරාවි තනියෙන් තරඟ කිරීමට. අපි විකල්ප දෙකටම ලෑස්තියි.”

මෙරට කොවිඩ් දේහ සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ ව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මෙවැනි අදහසකි. 

“අනිවාර්යෙන් ම කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුයි යන ගැටලුව ගමු. එම රෝගයට ගොදුරුව මියයන තම ඥාතීන් ව භූමදාන කිරීමේ අයිතිය මුස්ලිම්වරුන්ට දිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා භූමදානය කළ හැකියි කියලා. හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට එකඟයි

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...