ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
අදාල මන්ත්‍රීවරයා ඉකුත් දින කිහිපය තුළ දී ප්‍රදේශයේ විහාරස්ථානයක කඨින පිංකමට සහ ණය සහන ලෙස ජනතාවට ලබාදුන් රුපියල් 5000 දීමනාව ලබාදීමේ ස්ථාන කිහිපයකට ද සහභාගී වී ඇත.
ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පසු ඔහු සමීපව ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් සහ ආශ්‍රිතයින් 150 දෙනෙකු නොවැම්බර් 12 වන දින PCR පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.