31 C
Colombo
Wednesday, March 29, 2023

ජනතා විමුක්ති පෙරමුණේ චීන සමාජවාදය

- Advertisement -


“චීනය ලෝකය තුළ බල කඳවුරක් නිර්මාණය කරමින් සිටිනවා. ඒක සමාජවාදී ප්‍රතිපත්තිවලින් බැහැර එකක්. ඔවුන් ණය දෙන්නෙ තමන්ගෙ ආර්ථික බලපෑම වෙනුවෙන් මිස සමාජවාදය වෙනුවෙන් නෙවෙයි. ණය කොන්දේසි, පොලිය, අය කරගන්නා හැටි ගත්තත් එහෙමයි. චීනයේ ආර්ථික ව්‍යාප්තවාදය ගැන කතා කරද්දි අප්‍රිකානු රටවල් වගේම හම්බන්තොට වරායත් දැන් උදාහරණයට ගන්නවා. කෙන්යාවේ පාර්ලිමේන්තුවේ පවා කතා කළා. හම්බන්තොට වරාය කියන්නේ අසාර්ථක ව්‍යාපෘති හරහා රටක් ණය උගුලක සිර කිරීමේ කුප්‍රකට උදාහරණයක්.”


ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති ඔක්තෝබර් 02 වැනිදා ලංකාදීප පුවත්පතට මෙවැනි පිළිතුරක් දෙන්නේ ‘ඇත්තටම ජ.වි.පෙ චීනය කොමියුනිස්ට් පාලනයක් සහිත රටක් හැටියට පිළිගන්නවද? චීනයේ ඇත්තේ රාජ්‍ය ධනවාදය නෙවෙයිද?’ යන පැනයටය.හඳුන්නෙත්ති මහතාගේ මේ පිළිතුර දකින අයකුට නිතැතින්ම අදහස් වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ චීනය සමාජවාදී පක්ෂයක් යැයි නොසලකනු ඇති බවය. එහෙත් පිළිතුර ආරම්භයේ චීනය යනු සමාජවාදී ප්‍රතිපත්තිවලින් බැහැර යැයි කියන හඳුන්නෙත්තිම ඊළඟට කියන්නේ කුමක් ද?


“ඒ සම්බන්ධයෙන් විවේචනය අපට එහෙමම තිබෙනවා. හැබැයි චීනය පාලනය කරන්නෙ ධනවාදී පක්ෂයක් යැයි කියන තැනකට තවම ඇවිල්ලා නෑනෙ. ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, ප්‍රංශය වැනි රටවල් පාලනය කරන්නේ ධනවාදී පක්ෂ. ඒ අර්ථයෙන් තමයි චීනයේ සමාජවාදී පාලනයක් කියන්නෙ.”
සමාජවාදී ප්‍රතිපත්තිවලින් බැහැර ලෝක බල කඳවුරක් නිර්මාණය කරන බවට චීනය විවේචනය කළ හඳුන්නෙත්තිම ඉන්පසුව චීනයේ සමාජවාදී පාලනයක් ඇතැයි කියයි. ඉන් නොනැවතෙන ඔහු හොඳම හරිය කියන්නේ පසුවය.


“හැබැයි ඒ පාලනයේ ආර්ථික මොඩලය සමාජවාදී ප්‍රතිපත්ති මත නෙවෙයි කටයුතු කරන්නේ කියන විවේචනය අපට තිබෙනවා. ඒක දේශපාලන විවේචනයක්. කියුබාව වියට්නාමය වැනි රටවල් ජාත්‍යන්තරවාදී සහයෝගිතාවය වෙනුවෙන් දක්වන දායකත්වය තරම්වත් දායකත්වයක් දැවැන්ත ආර්ථිකයක් තිබෙන චීනය දක්වන්නේ නෑ. චීන තරුණ සංවිධාන අලුත් පරම්පරාව මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය විවේචනය කිරීමට පටන්ගෙන තිබෙනවා. හැබැයි එවැනි විවේචන මත පදනම් චීනය ධනවාදී රාජ්‍යක් යැයි විග්‍රහ කිරීමට අපි ඉක්මන් විය යුතු නෑ.”


මේ නම් අන් කවරක්වත් නොව, චීනයේ ඇත්තේ රාජ්‍ය ධනවාදය යැයි කෙලින් කියාගත නොහැකිකමය. සමාජවාදී රාජ්‍යක් වෙනුවෙන් සිහින තනන දේශපාලන පක්ෂයක දේශපාලන මණ්ඩල සභිකයකු සමාජවාදයේ මූලික නිර්ණායක නොදන්නාකම විසින් කියනු ලබන්නේ සරල පණිවුඩයක් නොවේ. එය වඩාත් වැදගත් වන්නේ පාර්ලිමේන්තුවේ මූලික කාර්ය වන රාජ්‍ය මූල්‍ය පාලනයේ විනයාරක්ෂකයකු ලෙස කලක් කටයුතු කළ සුනිල් හඳුන්නෙත්ති මහතාගේම මුවින් මෙය පිටවීමය. ජවිපෙ පාර්ලිමේන්තු ආගමනයේදී එල්ල වූ ප්‍රධාන විවේචනයක් වූයේ එය පාර්ලිමේන්තුවාදී පක්ෂයක් බවට පත්ව රාජ්‍ය ධනවාදය වෙනුවෙන් පෙනීසිටින තැනකට තල්ලු වන බවය. චීනය සම්බන්ධයෙන් වූ ජවිපෙ මතය විසින් කියනු ලබන්නේ ලෝක සමාජවාදයක් ගැන පක්ෂයට ඇති අස්ථාවරත්වය පමණක් නොවේ. රාජ්‍ය ධනවාදය ද හඳුනාගත නොහැකි තරමට ඇස් අන්ධ වී ඇති තරමය. ඉතින් චීනය පාලනය කරන්නේ ධනවාදී පක්ෂයක් යැයි කියන තැනට එන්නට ජවිපෙට තවත් ආලෝක වර්ෂයක්වත් ගත වනු ඇත.

RECENT ARTICLES - SINHALA

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...