31 C
Colombo
Wednesday, March 29, 2023

“ජනාධිපතිගේ කතාවට අපි විරුද්ධයි” – වරාය වෘත්තිය සමිති කියයි

- Advertisement -

ශ්‍රී ලංකා රජයට සියයට 51 ක් තබාගෙන සෙසු කොටස අදානි සමාගම ඇතු`ඵ වෙනත් පාර්ශ්වයන්ට දෙනවාට තමන් විරුද්ධ යැයි වරාය වෘත්තිය සමිති පවසයි.

වෘත්තිය සමිති නියෝජිතයන් මෙම අදහස් පළ කරන්නේ ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡා අසාර්ථකවීමෙන් පසුවය.

ශ්‍රී ලංකා රජයට සියයට 51 ක් තබාගෙන ඉතිරිය ඉන්දියාවේ අදානි සමාගමට හා වෙනත් පාර්ශ්වයන්ට හවුල් විය හැකි අයුරින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් හමුවේ පවසා ඇත.


ආර්ථික පුණර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රජයේ නියෝජිතයන් හා වරාය වෘත්තිය සමිති 23 ක නියෝජිතයන් අතර මෙම සාකච්ඡාව සිදුවුවත් කිසිදු එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබී නැත. 

පසුගිය රජය පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබූ බවත් විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගෙන එම මුදලින් උපකරණ මිලදී ගැනීමටත් ගිවිසුමේ කරුණු සඳහන්ව තිබූ බවත් පවසා ඇති ජනාධිපතිවරයා රජය ගැන කිසිදු සැකයක් තබා නොගෙන මේ ව්‍යාපෘතියට අදහස් හා යෝජනා ලබාදෙන්නැයි වෘත්තිය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත. 

රටේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවට පොරොන්දු වී ඇති හෙතෙම රජය ඉන්දියාව සමග පැරැණි ගිවිසුම ගැන සාකච්ඡා කර පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියට තබාගැනීමට උත්සාහ කරන්නේ යැයි ද පවසා ඇත. 

කෙසේ වෙතත් අදාළ හමුවෙන් පසුව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංවිධානයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා පැවැසුවේ ජනාධිපතිවරයා භූ දේශපාලන හා ආර්ථික ප්‍රශ්න ගැනත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදුන්නොත් ආර්ථික වශයෙන් අපට කොයිතරම් පාඩු වන්නේද කියාත් විශාල වශයෙන් කරුණු පැහැදිලි කළ බවයි.

එහෙත් වෘත්තිය සමිති ස්ථාවරය එය නොවන බැවින් ජනාධිපතිවරයාගේ කතාව සමඟ එකඟවෙන්නට තමන්ට නොහැකි යැයි ද එමනිසා මේ පිළිබඳ පත් කර ඇති කැබිනට් කමිටුව සමග වෘත්තිය සමිතිවලට සාකච්ඡාවක් දෙන හැටියටත් එතෙක් තීරණයක් නොගන්නා හැටියටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයි ද සුමනරත්න මහතා කීය.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...