නිරෝධායන ඇඳිරිනීතිය යටතේ බස්නාහිර පළාතේ හුදකලා ඇති ප්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කිරීමේ නවතම වැඩපිළිවෙලක් ඊයේ (12) සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ගුවන් හමුදාවේද සහය ඇතුව ශ්‍රී ලංකා පොලීසිය මෙම ක්‍රියාන්විතය පවත්වාගෙන යනවා. මේ අනුව අදාල නීති කඩ කරන පුද්ගලයන් හදුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමටද කටයුතු යොදා තිබෙනවා.







