30 C
Colombo
Monday, March 20, 2023

මැන්ඩෙලාගේ මග

- Advertisement -

මම කියවන පොතක තියෙන අවස්ථාවක, චරිතයක ⁣යම් දුර්වලතාවයක් දැක්කම, ඒ දුර්වලකම මටත් තියෙනව නං මං ඒක හදාගන්න උත්සාහ කරනවා. ( පොත් දහස් ගණනක් කියවලත් තාම මෙච්චර දුර්වලතා ති⁣යෙනව කියන්නෙ මොන තරම් දුර්වලතා සහිත මිනිස්සු ද අපි ? )මම කළමනාකරුවෙක් ලෙස, ගුරුවරයෙක් ලෙස( පුහුණුකරුනෙක් ලෙස) , ස්වාමි පුරුෂයකු ලෙස, පියෙකු ලෙස එවැනි දුර්වලතා දැක්කම ඒක හදාගන්න උපදෙස් දීලත් තියෙනවා. ඒ වෙලාවට ගොඩක් දෙනෙක් ඒක ධනාත්මකව ගත්තත්, සමහරු මට කියල තියෙන දෙයක් තමයි “ඒ තමයි මම” කියන පිළිතුර. ඒ වෙලාවට මම හිතන්නෙ ‘ ඇයි අපි ඉගෙන ගන්නෙ?’, (කියවීමත් ඉගෙ ගැනීමක්) අපි වෙනස් වෙන්න කැමති නැත්තං ඇයි අපි දැණුම අරගෙන අපේ ගබඩාව පුරෝගන්නෙ කියලා. කෙනෙකුගේ ආකල්ප ගොඩ නැගෙන්නෙ ඒ පුද්ගලයාට තියෙන දැණුම මත. ( අධ්‍යාපන සුදුදුකම් මත නෙමේ, ඒවා කඩදාසි කෑලි) එතකොට මට මගෙ චර්යා දුර්වලද, අශීලාචාරද කියල අඳුනගන්න බැරි නං අධ්‍යාපනයෙන් ඇති ප්‍රයෝජනයක් තියෙනවද ?මට එහෙම හිතුනෙ ‘රිචර්ඩ් ස්ටෙන්ගල් ලියූ මැන්ඩෙලාගේ මග ( Mandela’s Way) කියවමින් සිටියදී. එහි එක තැනක එනවා ‘මා සෑදී ඇත්තේ බොහෝ දෙනෙකුගේ එකතුවෙන්’ කියලා. ඒ තමයි අපි.

අඩ සියවසක් ජීවත් වෙච්ච අපි තුල කොච්චර නං අය ඇත්ද ? ඒ නිසා තමයි අවුරුදු විසි පහක ‘ රුක්මල් ‘ වැඩිය වෙනස් ‘ රුක්මල් ‘ කෙනෙක් අවුරුදු පනහෙදි ඉන්නෙ. ඒ නිසා ඔය ‘ඒ තමයි මම, මගෙ හැටි එහෙම තමයි’ කියන එක අඥාන ප්‍රකාශයක් හැටියටයි මම දකින්නෙ. ඒක හරියටම හදාරන්නට පොතේ ‘මැන්ඩෙලාගේ තුටු පඬුර’ නැමැති පරිච්ඡේදය කියවන්න ඕන. ඒකෙ තියෙනවා පාසැල් ගුරුවරුන් ගෙ සිට චර්චිල් හරහා ටෝනි බ්ලෙයාර් වෙනකං අයගෙන් මැන්ඩෙලා පෝෂණය වූ ආකාරය. බුදුන් වහන්සේ වදාළේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මුළුමනින්ම රඳා පවතින්නේ ඇසුරු කරන්නන් මත බවයි. ඒ වුනත් අපට සමහරුන් ලඟින් ඇසුරු කිරීමට අවස්ථාව නොලැබෙයි. ඒ වගෙ වෙලාවට ඒ අඩුපාඩුව මකා ගන්න චරිතාපදාන උදව්වට එනවා. මැන්ඩෙලා ගැන සිය ගනනක් පොත් ලියැවී තිබුනත් රිචර්ඩ් ස්ටෙන්ගල් ලියූ Mandela’s way – Lessons on Life, Love and Courage නැමැති පොත අපට වටිනා පාඩම් කියාදෙන පොතක් වෙනවා.

වසර තුනකට වැඩි කාලයක් මැන්ඩෙලා ලඟින් සිටිමින්, ඔහු යන යන තැන යමින්, ඔහුගේ දැවැන්ත චරිතාපදානය ලියන්න දායක වෙමින් සිටි ස්ටෙන්ගල් ඉතා කෙටියෙන් කුඩා ග්‍රන්ථයක් ලෙස මෙය එලි දක්වා ඇත්තේ 2010 දීයි. මැන්ඩෙලා දේශපාලන නායකයෙකු වුවත් ඕනෑම ක්ෂෙත්‍රයක පුද්ගලයෙකුට වැදගත් පාඩම් රැසක් මේ කුඩා පොත තුල අඩංගුයි. එය සැබැවින්ම ප්‍රබෝදජනකය. ස්ටෙන්ගල් මැන්ඩෙලා පිළිබඳව ලියන මේ සටහන් බලන්න.උපුටා ගැනීම් ‘ රාත්‍රි නින්දකින් මෙතරම් පුනර්ජීවයනයක් ලබන මිනිසෙකු පිළිබඳ මා කිසි දිනෙක දැන සිටියේ නැත. රාත්‍රී දහය වනවිට ඔහු සිටින්නේ මරණයේ ගැට්ටෙහි ය. යළිත් පැය අටකට පසු, පෙරවරු හයට, දැකිය හැක්කේ විසි වසරකින් තරුණ වී බුබුළු දමන පෙනුමෙන් පිබිදුනු ඔහුය’.’ඔහුව ශක්තිමත් කළ මෙන්ම, පරිබාහිර සියල්ල දවා ලූ කෝව සත් විසි වසරක් ගතකළ සිරමැදිරියයි. නායකත්වයක අත්‍යාවශ්‍ය ගුණාංග වන ආත්ම දමනය, සංයමය සහ ඉලක්කයකට යොමු වීම ඔහුට උගන්වන සිපිරිගෙය, පිරිපුන් මිනිසෙකු වන්නේ කෙසේදැයි ද කියා දුන්නේය.

”සිරගෙය තුළ රැඳවියෙකුට වෙනස් කළ හැකිව තිබුණු දේවල් ඉතා ස්වල්පයකි. රැඳවියන්ට මෙහෙයවිය හැකි හෝ මෙහෙයවීමට සිදුවූ එකම තැනැත්තා වූයේ ඔහු මය.”ධෛරයය බිය නැතිකම නොවේ යැයි, මැන්ඩෙලා මට ඉගැන්වීය. එය, බිය නැතිකර ගැනීමට ඉගෙනීමය.”මානසිකත්වය ගැන අප සිතනුයේ උපතින් ම ගෙනා දෙයක් ලෙසය. එහෙත්, මැන්ඩෙලා සම්බන්ධයෙන් එය ඔහු ඇති කරගත් දෙයකි. තරුණයෙකු වශයෙන් ඔහු හිතුවක්කාර, පහසුවෙන් තරහ ගැන්විය හැකි කෙනෙකි. සිරිරි ගෙයින් මතුවූ පුද්ගලයා මුළුමනින්ම එහි ප්‍රති විරුද්ධ පැත්තය. කිසිඳු අයුරකින් කුපිත කරවිය නොහැකිය. තීරණ ගැණීමට පෙර ඔහු කාලය ගත්තේ ය. හැම විකල්පයම සලකා බැලුවේය.’උපුටා ගැනීම් අවසන්මේ පොත කියවන්නත් කලින් මට තිබුණ ගැටලුවක් තමා Invictus චිත්‍රපටයට Mogan Freeman තෝරා ගැනීම. මා සිතා සිටින මැන්ඩෙලා මිටි පුද්ගලයෙකු බැවිනි. Freeman අඩි 6 අඟල් 1, 3/4 ක් උසය.

මේ පොතෙන් මා ඉගෙන ගත්තේ මැන්ඩෙලා ඔහුටත් වඩා අඟල් කාලක් උසින් වැඩි බවය.ස්ටෙන්ගල් මේ පොතේ කියන්නේ අපට හමුවන අවසාන ශේෂ්ඨයා මැන්ඩෙලා විය හැකි බවයි.ඔහු ශේෂ්ඨ වන්නේ අඩුපාඩුකම් නොතිබි නිසා නොව, ඒවා ජයගත් නිසාය.ස්ටෙන්ගල් ලියා ඇති අවසන් පරිච්ඡේදය නවකතාවක අවසානය මෙන් හැඟුම්බරය.පොත පරිවර්තනය කර තිබෙන කුඩගම්මන සීලරතන හිමියන්ගෙන් සහ විදර්ශන ප්‍රකාශන ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. එනම් Rechard Stengel මැන්ඩෙලා ගැන ලියූ Mandela’s Way – Lessons from an uncertain Age පොතත් පරිවර්තනය කර ප්‍රකාශයට පත්කරන ලෙසයි. සටහන අවසන් කිරීමට නැවත සටහනේ මුලටම යමු. ‘උබුන්ටු නම් අදහසක් දකුණු අප්‍රිකාවෙහි තිබේ. එයින් හෙලි වන්නේ, අන් අයගේ මිනිස්කම් වලින් පෝෂණය නොවී තවත් කිසිවකුට මනුෂ්‍යයකු විය නොහැකිය යන ප්‍රබල හැඟීමය. එනම්, මෙලොව අපට අත් පත් කර ගැන්මට යමක් වේ නම්, එයට අප කැප කරන තරමටම සමාන තරමකින් ජයග්‍රහණ සහ ඉටු කරනු ලබන කාර්යයන් මගින් අන් අයද දායක වෙයි.’

]නම : Mandela’s Way ( Lessons on Life, Love and Courage )

කර්තෘ : Rechard Stengel

පරිවර්තිත නාමය : මැන්ඩෙලාගේ මගපරිවර්තනය : කුඩගම්මන සීලරතන හිමිප්‍රකාශනය : විදර්ශන

රුක්මල් ගමගේ

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.