24 C
Colombo
Tuesday, March 5, 2024

ලංකාව යන්නෙ, උතුරු කොරියාව ගිය ෆේල් පාරේ – සජිත්

- Advertisement -

පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස කිව්ව කතාවක් ගැන අවධානය යොමු කරන එක වටිනවා. ඔහු පෙන්වන්නේ ශ්‍රී ලංකාව මේ වෙනකොට සුපිරි ධනවතුන්ට බදු කප්පාදු දීලා, උතුරු කොරියාව ගිය ආර්ථික පාරේ යනවා කියලයි.

මොකක්ද උතුරු කොරියාව ගිය පාර, ඒ කියන්නේ අධිකාරීවාදී පාලනයක්. රටට බඩු ගෙන්නන එක මාර තදින් පාලනය කරනවා. ආර්ථිකයේ හැම එකක්ම ආණ්ඩුවෙං බලෙන් හසුරුවන්න ට්‍රයි කරනවා.

ඇත්තටම වෙළඳපොළ කියන්නේ ඒ විදියට බලෙන් හසුරුවන්න පුළුවන් එකක් නෙවෙයි. වෙළඳපොළ කියන්නේ ඊට වඩා අමුතු සතෙක්. වෙළඳපොළ හසුරුවන්න හදන අය හැමදාම ෆේල් වෙනවා.

උදාහරණයක් විදියට පාලන මිලවල් ගමු. එක් වෙලාවක කාටූන් එකක තිබුණා, ඩඩ්ලි සිරිසේන පස්ස හෝදන්න පාලන මිලට ගහපු ගැසට් පාවිච්චි කරන හැටි. මොකද, හාල් මිල ගැසට්වලින් පාලනය කරන්න බෑ. පොල් මිලට ගහපු ගැසට් වැඩක් නෑ.

ඒ ඇයි?

වෙළඳපොළ හැසිරෙන්නෙ එක තැනකින් අල්ලලා නවත්තන්න පුළුවන් විදියට නෙවෙයි. ඔන්න වී මිල ගත්තාම වී ගොවියාට යන වියදම් එක්ක එයාට මිලක් එනවා. අතරමැදියාට මිලක් එනවා. වී මිල වැඩිවුණොත් ඒක පොල් විකුණන මිනිහට බලපානවා. පොලුයි, වීයි දෙකම වැඩිවුණොත් බස් එක එළවන මිනිහගෙ ජීවන වියදමට ඒක බලපානවා. ඊට පස්සෙ බස් කාරයා මිල වැඩි කරනවා. ඔය ටික ඔක්කොම වැඩිවෙද්දී ගරාජ් එකේ බාස් ගාණ උස්සනවා. කාර් එක හදන්න වියදම වැඩිවෙද්දී ටියුෂන් මාස්ටර් ගාණ උස්සනවා.

බස් එකෙං යන එන, පොල් හාල් නිතර පරිභෝජනය කරන, දරුවෙක් ටියුෂන් යවන එළවළු බිස්නස්කාරයාටත් ඒක බලපානවා. එහෙම බලද්දී වෙළඳපොළ එක තැනකින් නවත්වන්න බෑ. ඒ ඔක්කොටම වඩා කිසිම රටක වෙළඳපොලකට ඉන්ටර්නැෂනල් මාකට් එක එක්ක සම්බන්ධ නොවී පවතින්න බෑ.

ඒ නිසා තමයි ‘අපි උතුරු කොරියාවේ පැත්තට යමින් ඉන්නවා, ඒක ෆේල්.’ කියලා විපක්ෂ නායකවරයා කී කතාව වැදගත් වන්නේ.

උතුරු කොරියාව නිතරම ආනයන පාලනය කරනවා. මිනිස්සුන්ගෙ ආර්ථිකේ තියාගන්න සල්ලි නිතර ප්‍රින්ට් කරනවා. ඒත් බඩු මිල එන්න එන්න ඉහළ යද්දී, සල්ලිවල අගය අඩුවෙලා අඩුවෙලා යනවා. එහෙම වුණාම කාලෙකට සැරයක් සල්ලිවලින් බිංදුවක් අයින් කරනවා. ඒ කියන්නේ අවුරුදු කිහිපයකට වතාවක් රුපියල් දහය රුපියලක් බවට පත් වෙනවා.

උතුරු කොරියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්බාධක ගොඩක් දාලා තියෙනවා. ඒ නිසා ලෝක ආර්ථිකේ එක්ක උතුරු කොරියාව සම්බන්ධ නෑ. ඒ නිසාම ඒ රටේ ආර්ථිකය හරි දුර්වලයි.

ඒත් උතුරු කොරියාවේ ආර්ථිකය කඩා නොවැටී අල්ලගෙන ඉන්නට එක් ප්‍රධාන හේතුවක් තමයි චීනය. චීනයත් එක්ක කොරියාව හොඳට ගනුදෙනු කරනවා. උතුරු කොරියාවේ අපනයනවලින් සීයට අනූවක් චීනෙට යවනවා. ඇත්තටම ආර්ථිකේ කඩා වැටෙන්න දෙන්නැතුං යාන්තමට අල්ලගෙන ඉන්න තැනට පවත්වගෙන යන්න චීනෙ උදව් කරනවා.

චීනය හැමවෙලාවෙම බයයි, තමන්ගෙ රටේ නහය ළඟම තියෙන උතුරු කොරියාවෙ ආර්ථිකේ කඩාවැටේවි කියලා. එහෙම වුණොත් එක් පැත්තකින් උතුරු කොරියානුවෝ චීනෙ ඇතුළට එන්න පටන්ගනීවි. අනෙක් පැත්තෙන් ඇමෙරිකාව, නේටෝ එක වගේ බටහිර බලවතුන් උතුරු කොරියාවෙ කඳවුරු ගහගනීවි. ඒ නිසා යාන්තමට වැටෙන්න නොදී, ඒත් දියුණු වෙන්නත් නොදී චීනෙ කරුණාව මත උතුරු කොරියාව පණ අල්ලගෙන ඉන්නවා.

අනෙක් පැත්තෙන් කළු මාකට් එකේ, නීතිවිරෝධී ජාවාරම් එක්ක කොරියන් ආර්ථිකය සම්බන්ධ වෙලා තියෙනවා කියලා බොහෝ ආර්ථික විශේෂඥයන් කියනවා.

අනෙක් පැත්තෙන් කොරියාව ඇතුළේ යම් දුරකට චීන සල්ලි පාවිච්චි කෙරෙන නිසා, රට ඇතුළට පිටරටින් සල්ලි ටිකක් එනවා.

සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ කතාවෙදී මතක් කරලා තිබුණා, දැනටමත් ලංකාව ආනයන නැවැත්වූ එක ගැන උතුරු කොරියාවෙන් අනතුරු හඟවලා තියෙන බව. ලංකාවෙ ලොකුම අපනයන මාකට් එක තමයි යුරෝපය. ආනයන නතර කරලා මේ විදියට ගියොත් යුරෝපා මාකට් එක අපට අහිමිවෙන්න ඉඩ තියෙනවා.

‘වගකිවයුතු විපක්ෂයක් විදියට යුරෝපා මාකට් එක අහිමිවීම ගැන අපි බයවෙලා ඉන්නෙ’ කියන අදහස සජිත් ප්‍රේමදාස කියන්නේ ඒ නිසා.

අනෙක් පැත්තෙන් ආණ්ඩුව බදු කප්පාදු කිරීම ගැනත් සජිත් ප්‍රේමදාස කතා කරලා තිබුණා. මේ බදු කප්පාදු කරන වැඩෙන් රජයේ ආදායම අඩු වෙනවා. හැබැයි ඒකේ ලාභය යන්නේ ලොකු ධනවතුන්ට. ආණ්ඩුවට එන්න තියෙන අතිදැවැන්ත ආදායමක් ඒකෙන් ධනවතුන් ගන්නවා.  

පිටරටවලට අපනයන කරගන්න විදියක් නැතිව, චීනය වගේ රටක අනුකම්පාව මත යාන්තමට කඩාවැටෙන්නෙ නැතිව අල්ලගෙන ඉන්න, මුළු මාකට් එකම ආණ්ඩුවෙන් පාලනය කරන ආර්ථිකයක් ගැන අනතුරු හැඟවීම් කරපු එකම කෙනා සජිත් ප්‍රේමදාස නෙවෙයි. මේ වෙද්දී ආර්ථික විශේෂඥයන් ගොඩක් අනතුරු හැඟවීම් කරලා තියෙනවා.

ඒත්, ලංකාව යන පාර වෙනස් කිරීමේ හැකියාව සහ අවස්ථාව මේ රජයට තියෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...