26 C
Colombo
Wednesday, October 4, 2023

වසර මිලියන 2ක් පැරණි හිස් කබලක් සොයා ගැනේ

- Advertisement -

දකුණු අප්‍රිකානු කලාපයක පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකරමින් සිටියදී තම කණ්ඩායම වසර මිලියන 2ක් පැරණි හිස් කබලක් සොයාගත් බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසයි.

මෙල්බර්න් “ලා ත්‍රොබ්” විශ්වවිද්‍යාලයේ ගවේෂකයින් පිරිසක් එම හිස් කබල  සොයාගෙන ඇත්තේ ඩ්‍රයිමොලන් පුරාවිද්‍යාත්මක කැණීම් භූමියෙනි. එය ජොහැන්නස්බර්ග් නගරයට උතුරින් පිහිටයි.

මෙම සොයා ගැනීමත් සමඟ  මානව වර්ගයාගේ පරිණාමය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙළිවෙතැයි ඔවුන් පවසයි.

මෙම සොයාගැනීම ඉතා සුවිශේෂී සොයා ගැනීමක් බව ගවේෂණ කණ්ඩායම  විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණි. මෙම හිස්කබල හමුවූ ස්ථානයට ආසන්නයේ තිබී 2015 දී “හෝමෝ ඉරෙක්ටස්” මානව දරුවෙකුගේ හිස් කබලක් ද සොයාගැණුනු අතර  එම හිස්කබල ද වසර මිලියන 2ක් පමණ පැරණි බව සොයාගෙන තිබුණි.   

එම හිස්කබල පිරිමි “පැරැන්ත්‍රෝපස් රොබස්ටා” මානවයෙකුගේ බව සඳහන් වේ. මෙම මානවයා  නුතන මානවයාගේ ආසන්නතම මුතුන් මිත්තන් ලෙස සැලකෙන “හෝමෝ ඉරෙක්ටස්” ගේ ඥාතියෙකි.  එම මානව විශේෂ දෙක එකම කාලයක ජීවත් වී ඇති අතර නමුත් “පැරැන්ත්‍රෝපස් රොබස්ටා” නම් මානව විශේෂය පළමුව වඳ වී ගොස් ඇති බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

සිරිපාලගේ සාකච්ඡාවෙන් පසුවත් ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදයි

0
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක්ම ප්‍රමාද වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් හේතු සෙවීම සඳහා පසුගියදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

විජේදාසගේ පුතාව දාපු ක්‍රිකට් කමිටුවට එරෙහි උසාවි නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10...

ආනයන සීමා ඉවත් කිරීම ගැන තීරණයක්

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...