28.8 C
Colombo
Wednesday, March 26, 2025

වසර මිලියන 99ක් පැරණි ෆොසිලයකින් විද්‍යාඥයන් සොයාගත් දේ

- Advertisement -

මියන්මාරයේදී හමු වූ ෆොසිල අධ්‍යන කිරීමෙන් විද්‍යාඥයන් අමුතු, ඒත් විස්මයජනක සත්වයෙකු ගැන කරුණු සොයාගෙන. විස්මයජනක කරුණ වන්නේ විද්‍යාඥයන් සොයාගත් එම සත්වයාට ඈතට විදීමට හැකි දිවක් තිබීම.

ඇත්ත, එවැනි දිවක් තිබෙන සත්වයන් ඕනෑ තරම් අද සිටිනවා. එහෙත්, මේ සොයාගැනීම පසුපස ඇති විද්‍යාඥයන්ට වැදගත් කරුණ වන්නේ වසර මිලියන අනූනවයක් මේ සත්වයා පැරණි වීම. වසර මිලියන අනූනවයක් කියන්නේ ඉතා දීර්ඝ කාලයකට පෙර. අදටත් සත්වයන් ගැන අධ්‍යන කරන උදවිය තමන්ගේ දිව ඈතට විදිමින් දඩයම් කළ හැකි සත්වයන් පිළිබඳ උනන්දුවක් දක්වනවා. වනජීවී ඡායාරූප ශිල්පියෙකුට හෝ වාර්තා චිත්‍රපටිකරුවෙකුට එවැනි සතෙක් දඩයම් කරන අයුරු අල්ලාගැනීම තරම් විශේෂ අවස්ථාවක් නැහැ. ඒ අනුව දිවෙන් දඩයම් කරන සතුන් අතර, මේ ෆොසිල හමු වූ සත්වයා ආදීතමයෙක් විය හැකියි.

albanerpetontids ගණයට අයත් මේ සතුන් වර්ගයට උරගයෙකුගේ පෙනුමම අඩු වැඩි වශයෙන් තිබෙනවා. ගණ සමක්, කොරපොතු ආදිය තිබෙනවා.  එම සත්ව වර්ගයට දී ඇති නාමය Yaksha perettii. එහෙත්, මේ සත්වයා උරග කුලයටත් වඩා උභය ජීවී කුලයට අයත් වන බව විද්‍යාඥයන් පවසනවා.

අද අප උභය ජීවීන් ලෙස හඳුනාගන්නා ප්‍රධාන සතුන් වර්ග වන්නේ ගෙම්බන්, සලමන්දරයන් සහ පාද නැති සෙසිලියන් යන සතුන් වර්ග තුන.

අපගේ කතාබහට මුල් වූ ආදිකාලීන සත්වයා පිළිබඳ අධ්‍යන කර තිබුණේ ෆ්ලොරීඩාහි Florida Museum of Natural History’s digital discovery and dissemination laboratory ආයතනයේ අධ්‍යක්ෂ එඩ්වර්ඩ් ස්ටැන්ලි ප්‍රමුඛ කණ්ඩායමක්.

ස්ටැන්ලි කියා තිබුණේ ‘ ඔවුන්ගේ දිව දැක්කාම, එවැනි දිවක් තිබෙන සතුන්ගේ පරම්පරාව ගැන අලුත් අවබෝධයක් අපට ලබාගන්න පුළුවන්. මේ සොයාගැනීම අමුතු, ඒත් පුංචි සතුන් කාණ්ඩයක් ගැන අඳුරු ඉතිහාසයට හරිම ලස්සන තොරතුරු ටිකක් එකතු කරනවා.’ කියායි.

මෙම අධ්‍යනයට එකතු වී සිටි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සූසන් එවන්ස් කියන්නේ මේ උභය ජීවීන් වර්ගයේ ඉතිහාසය අවුරුදු මිලියන 250ක් පමණ දක්වා ඇදී යෑමේ ඉඩක් තිබෙන බව. ඇතැම්විට ඔවුන් කටුස්සන්ටත් වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති සතුන් වර්ගයක් විය හැකි බව ඇය කියනවා.

මෙම අපූරු සොයාගැනීම උභය ජීවීන්ගේ ඉතිහාසය සොයා යන ගමනේ අපූරු අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

සාරා හනීෆා

RECENT ARTICLES - SINHALA

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

සමාජශාලා ගැටුමට සැකකරුවන් 4ක් මාට්ටු

කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට අදාලව පොලිසියට භාර වූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු...

CCD නිලධාරීන් 6 දෙනෙක් පෙත්සම් ඉල්ලා අස්කර ගනී – නෙවිල් සිල්වා ගැන තීරණය දීර්ඝ...

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් පෙත්සම් ගොනු කර තිබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු...

POPULAR ARTICLES

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

සමාජශාලා ගැටුමට සැකකරුවන් 4ක් මාට්ටු

කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට අදාලව පොලිසියට භාර වූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු...

දේශබන්දුට එරෙහිව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ පරිපුරකයට ඇතුළත්...