29 C
Colombo
Friday, May 17, 2024

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන පරිසර පද්ධතිය නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.

කඩොලාන ශාකවල ස්වභාවික ප්‍රතිලාභ සහ මණ්ඩතිව් හි කඩොලාන පරිසර පද්ධතිය පිළිබඳව එහිදි අවධානය යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ගංවතුර ආපදා වළක්වා ගැනීමට සහ ජලජ ජීවීන්ගේ බහුලත්වය වැඩි කිරීමට මණ්ඩතිව් කලාපයේ වැඩෙන කඩොලාන ශාකවල දායකත්වය හා එම දායකත්වය ඉහළ නැංවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදි සොයා බැලීමට සෝල්හයිම් මහතා කටයුතු කර තිබුණා.

නිරීක්ෂණ චාරිකාවට උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය හා පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

මේ අතර, එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය අතර සාකච්ජාවක් පසුගියදා (30) සවස යාපනය,පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා.

දිවයිනට පැමිණ සිටින එරික් සෝල්හයිම් මහතා උතුරු පළාතේ වත්මන් තත්ත්වය, නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉදිරි සංවර්ධන කටයුතු, පරිසරය සහ ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව එහිදි සාකච්ජා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

යුධ සමයේ ජාත්‍යන්තර සාම නියෝජිත ලෙස එරිල් සෝල්හයිම් මහතා කටයුතු කළ අතර, හෙතෙම එවක අවස්ථා රැසකදී උතුරු පළාතට පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...