31 C
Colombo
Saturday, July 27, 2024

ගල් අඟුරු නෞකා 03 ක් දිවයිනට

- Advertisement -

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් රැගත් ගල් අඟුරු නෞකා 03 ක් මේ වන විට (19) දිවයිනට ළඟා වී තිබෙනවා.

ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ ඒ අනුව මේ වනවිට ඇණවුම් කර ඇති ගල් අඟුරු නෞකා 30න් නෞකා 19ක් මෙරටට පැමිණ ඇති
බවයි.

පසුගිය 16 වනදා දිවයිනට පැමිණි 17 වන ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බවත් නෞකා තුනක ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු හෙට (20) දිනයේදී ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

අදාළ නෞකා තුනෙන් පමණක් රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් 180,000ක්.

ඊට අමතරව තවත් ගල් අඟුරු නෞකා 03ක් මේ වන විට දිවයින බලා යාත්‍රා කරමින් පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පවසන්නේ.

ඒ අනුව, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු සංචිත පවතින බව සඳහන් කළා.

නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7500ක්.ඒ අනුව ගල් අඟුරු නෞකා 30ක් දිවයිනට රැගෙන ඒම ලංකා ගල් අඟුරු සමාගමේ අපේක්ෂාවයි.

මේ වසරේ ඉතිරි කාලය සඳහා විදුලි ජනනය සඳහා ගල් අඟුරු නෞකා 27ත් 28ත් අතර සංඛ්‍යාවක් ප්‍රමාණවත් වනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...