29 C
Colombo
Wednesday, March 29, 2023

උදයංග බලන්න ගිය යුක්‍රේන ජාතියන් 3කට කොවිඩ්

- Advertisement -

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දෙසැම්බර් 30 වන නිවේදනය කර ඇත.

දෙසැම්බර් 28 වැනි දිනයේදී මෙම පිරිස මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණිමෙන් අනතුරුව ඔවුන්ට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලදී මේ බව හදුනාගෙන ඇත.

මෙම සංචාරකයන් පිරිස මෙරටට ගෙන්වීමට මුල්වී ඇත්තේ දෙසැම්බර් 26 වැනිදා රුසියානු ව්‍යාපාරික පිරිසක් මෙරටට සංචාරය සඳහා කැඳවාගෙන එන්නට ආරම්භ කළ වැඩසටහනේම දෙවන පියවර ලෙසිනි.

නියමු ව්‍යාපෘතිය

උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් මෙරටට රුසියානු සංචාරකයන් 14,000ක් රැගෙන ඒමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබුණි. කුලි පදනම මත සංචාරකයන් කැඳවාගෙන එන්නට ලබාගත් ස්කයි අප් ගුවන් සේවයේ (Sky-Up Airline ) PQ555 දරන ගුවන් යානය දෙසැම්බර් 28 දින පස්වරු 2.00 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එම යානය තුළ නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනෙකු සිටින බව වාර්තා වේ. වීරතුංග මහතාගේ නියෝජනයෙන් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන මෙම ‘නියමු ව්‍යාපෘතිය’ යටතේ ගුවන් යානා 13 ක් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගෙන ඒමට නියමිතය.

උදයංගගේ පැමිණිම

මත්තල ගුවන්තොටුපලට පැමිණි පළමු යුක්‍රේන සංචාරක කණ්ඩායම පිළිගැනීමට උදයංග වීරතුංග මහතා එදින මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළටම ගොස් තිබුණි. ඒ් බව මාධ්‍ය හරහා වාර්තා විය.

එම සංචාරකයන් ගුවන්තොටුපලේ දීම මුණ ගැසී තිබුණේ මෙරට දී සිදුකළ PCR ප්‍රතිඵල ලැබීමට පෙර වන අතර ඔහු කිසිදු ආරක්ෂිත ඇඳුමක් ඇඳ සිටියේ ද නැත. එසේ නම් වීරතුංග මහතාද පීසීආර් පරීක්ෂණයකට යොමු කර යුතු අතර ඔහුව නිරෝධායනය කළ යුතුවේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ රුසියාවේ හා යුක්රේනය තානාපති ලෙස කටයුතු කළේ ඔහුගේ ඥාති පුත්‍ර උදයංග වීරතුංගය. මිග් යානා ගනුදෙනුව ඇතුළු අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට ජාත්‍යන්තර රතු වරෙන්තු ද නිකුත් කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...