26 C
Colombo
Thursday, March 23, 2023

05 වැනිදා පාර්ලිමේන්තු- මාධ්‍යවේදීන්ටත් යන්න පුළුවන්ලු

- Advertisement -

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ජනමාධ්‍යට නැවත පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වීමට අවසර ලබා දීමටද තීරණය විය.කෙසේ නමුත් කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව සකස් කළ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පිවිසීමට ජනමාධ්‍යවේදීන්ට අවසර ලැබෙනු ඇත.

මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, නිමල් සිරිපාල ද සිල්වා සහ අලි සබ්රි යන මහත්වරුද, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා සහ මනෝ ගනේෂන් යන මහත්වරුද සහභාගී වූහ.

ජනවාරි 05 වැනි අඟහරුවාදා සිට ජනවාරි 07 වැනි බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.  

ජනවාරි 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 09.30 සිට පස්වරු 04.30 දක්වාය. 

ජනවාරි 05 වැනිදා සහ 07 වැනිදා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා විවාදයට ගනු ඇත. සභාව කල් තැබීමේ විවාදයන් පස්වරු 4.30 සිට 5.30 දක්වා පැවැත්වේ.

එළඹෙන ජනවාරි 06 වැනිදා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පස්වරු 4.30ට විවාදයට ගනු ලබන අතර, ජනවාරි 08 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව යෝජනාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇත. ජනවාරි 08 වැනිදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ වාචික  ප්‍රශ්න සඳහා කාලය වෙන්කර  තිබේ.

ජනවාරි 05 වැනිදා සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක්  විවාදයට ගැනෙන අතර, ජනවාරි 06 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පන 03 ක් විවාදයට ගැනේ.  

මෙයට අමතරව ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන් තොටුපල බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනිමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.

මේ අතර එළඹෙන ජනවාරි 06 වැනි  බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද දසනායක මහතා සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...