28 C
Colombo
Saturday, July 27, 2024

ගජේන්ද්‍රන්ට පහරදුන් 06 දෙනෙක් රිමාන්ඩ්

- Advertisement -

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරැම් රථ පෙලපාලියට ඊයේ (17) ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතළු හය දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය වු ස්ථානයේ ලබාගත් ඡායාරූප හා විඩියෝ දර්ශන පදනම් කර ගනිමින් මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර තිබෙන බව පොලිසිය පවසනවා.

පහර කෑමෙන් පසුව රථ පෙල ආපසු හරවා ගෙන තඹලගමුව දෙසට ගොස් මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දුන් මහතා දුරකතයෙන් පොලිස්පතිවරයාට දුරකතයෙන් පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව ත්‍රිකුණාමලය සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් තඹලගමුවට පැමිණ මත්ත්‍රිවරයාගේ පැමිණිල්ල සටහන් කරගැනිමෙන් පසුව අදාල පරික්ෂණ කටයුතු පොලිසියට භාර දී තිබෙන බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් හයදෙනාම සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

පහරදිමට සම්බන්ධ තවත් සැකකරැවන් පිරිසක් සොයා පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...