32 C
Colombo
Sunday, June 4, 2023

ගුරු වර්ජනයට දින 07 යි

- Advertisement -

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ගුරුවරුන් විසින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 07 ක් සම්පූර්ණ වේ.

ගුරු වෘත්තීය සමිති 14 ක සාමාජිකයන් මෙම වර්ජනය අරඹනු ලැබුවේ වැටුප් විෂමතා ඉවත් කිරීම, කොතලාවල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ මෙරට අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීම වෙනුවෙන් ලෝක බැංකු විසින් පසුගිය වසරේදී ලබාදුන් මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව රටට පැහැදිලි කළයුතු බවයි.

එමෙන්ම, බළධාරීන් සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ලබන 22 වැනිදා මෙම වර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කළ බවයි ඒ මහතා පවසන්නේ.

තමන්ගේ මුදල් වැයකර ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කරන ගුරුවරුන්ට කිසිදු පහසුකමක් ලබාදීමට රජය මෙතෙක් අසමත් වී ඇති බවත් ස්ටාලින් මහතා අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...