කන්ටේනරයක බහා පකිස්තානයේ සිට රැගෙන ආ හොරොයින් ටොන් එකහමාරක් පමණ නෙදර්ලන්තයේ රොටර්ඩැම් වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කදුකර ලුණු තොගයක් අතර සගවාගෙන මෙම හොරොයින් තොගය රැගෙන ගොස් ඇති තිබේ.
මෙය නෙදර්ලන්තයේදී අත්අඩංගුවට ගත් විශාලතම හොරොයින් තොගය බව සදහන් වේ.
බ්‍රිතාන්‍යය ආරක්ෂක අංශ වෙතින් ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ නෙදර්ලන්ත බලධාරීන් මේ සමග සැකකරැවන් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානයට රැගෙන විත් ඇති මෙම හොරොයින් තොගය එහි සිට නෙදර්ලන්තයට රැගෙන විත් ඇති බවයි.